ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය තීරණාත්මක සංධිස්ථානයක
- helloplanetaviss
- Oct 21, 2022
- 1 min read

පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමේ වැඩපිළිවෙල මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉකුත්දා පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවයි. දැන් උදාවී ඇත්තේ වාණිජ ණය ලබාගත් පාර්ශවයන්ගෙන් ණය කල් දැමීම පිළිබඳ සහතිකයක් ලබාගැනීම බවත්, එය නොමැතිව IMF සහනයක් නොලැබෙණු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කළා.
පවතින උද්ධමනයත් සමඟ මතුව ඇති රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා වේදනාකාරී විය හැකි දැඩි තීරණ ගතයුතු බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ. පනවා ඇති බදු වැඩිකිරීම තවත් වසරක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Comments