top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වහාම විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කරන්න - මහ බැංකුව රජයට කියයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 4, 2022
  • 2 min read

ree

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් හා විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවධාරණය කර තිබෙනවා. ඒ, රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක වශයෙන් රජය ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂි කරුණු 08 ක් පිළිබඳ මුදල් මණ්ඩලය රජයට උපදෙස් ලබා දෙමින්. ඒ අනුව මහ බැංකුව මීට පෙර නිර්දේශ කළ පරිදි අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන අධෛර්මත් කළ යුතු වනවා.

විදේශ ප්‍රේෂණ හා ආයෝජන තවදුරටත් දිරිමත් කිරිම ද මුදල් මණ්ඩලයේ යෝජනාවක්. තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම හරහා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම තවත් ප්‍රමුඛ යෝජනාවක් වනවා. බලශක්ති සංරක්ෂණ ක්‍රියාත්මක කිරීම සහ පුනර්ජනනීය බලශක්ති දෙසට වේගවත්ව ගමන් කිරීම ද මුදල් මණ්ඩලය ලබාදී ඇති උපදෙස් අතරට අයත්. අත්‍යවශ්‍ය නොවන හා හදිසි ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීමට ද ශ්‍රි ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය රජයට උපදෙස් ලබා දී තිබෙනවා.

හදිසි පදනමක් මත විදේශ මුල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒම ද ලබාදී ඇති උපදෙස් අතරට අයත්. උපායමාර්ගික නොවන හා ඌන උපයෝගී වත්කම්වලින් මුදල් ඉපයීම තවත් උපදෙසක් වනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවසුවේ වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට මහ බැංකුව ගන්නා උත්සාහය පරිපූර්ණය කිරීම සඳහා රජය විසින් උපායමුලික උත්සහයන් කඩිනමින් ගත යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පොලි අනුපාතිකය කෙරෙහි බලපෑම් කරන ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6 යි දශම 5 ක් ලෙස ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. ණය පහසුකම් අනුපාතය ඉහළ දමා ඇත්තේ සියයට 7 යි දශම 5 ක් දක්වායි. ඒ සමඟම බැංකු අනුපාතය ස්වංක්‍රියවම සියයට 10 යි දශම 5 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව නියාමනය කරන ලද පොලී අනුපාත යටතේ ක්‍රෙඩ්ට් කාඩ් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 20 ක් දක්වා වැඩිකර තිබෙනවා. උකස් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 12ක් වනු ඇති. බැංකු අයිරා සඳහා උපරිම පොලී අනුපාතය සියයට 18 ක් වන බව මහබැංකුව පැවසුවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page