top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වසරේ මුල් මාසයේ දි සංචාරකයන් 82,327 ක් ශ්‍රි ලංකාවට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 1 min read

ree

මේ වසරේ පළමු මාසය තුළ සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනවාරි 01 වෙනිදා සිට 31 වෙනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000 – 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වෙනිදායි. එදින පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි. රුසියානු සමූහාණ්ඩුවෙන් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 13,478 ක් වන අතර ඉන්දියාවෙන් 11,751 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. යුක්රේනයෙන් 7,774 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් 7,442 දෙනෙකු පැමිණ තිබේ. ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවල් ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වේ. 2020 සහ 2021 සංචාරකයන්ගේ පැමිණීම පිලිබද වාර්තාවන්ට අනුව එම වසර දෙකේ ශ්‍රි ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. 2020 වසරේ ඉන්දිය සංචාරකයන් 89,357 ක් මෙරටට පැමිණ ඇති අතර 2021 වසරේ දි මෙරටට පැමිණ ඇති ඉන්දිය සංචාරකයන් සංඛ්‍යාව 56,68 කි. 2020 වසරේ දි රුසියානු සමුහාණ්ඩුවෙන් සංචාරකයන් 49,397 ක් මෙරටට පැමිණ තිබේ. 2021 වසරේ දි රුසියානු සමුහාණ්ඩුවෙන් මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ 16,894 දෙනෙකු පමණි. එම වසර දෙකේ මෙරටට සංචාරකයන් පැමිණි මුල් රටවල් 10 වන්නේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, යුක්රේනය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, කසකස්ථානය, කැනඩාව සහ චීනය බව ද ඇමතිවරයා සදහන් කරයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page