top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වසර 2023 අවසන් වීමට පෙර මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක් කිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 1 min read

ree

වසර 2023 අවසන් වීමට පෙර මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ ප්‍රායෝගික ගැටලු නිසා නිම කිරීමට බලාපොරොත්තු වූ කාලයේදී එහි වැඩ අවසන් කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළේය. අඩු නිෂ්පාදන වියදමක් සහිතව විදුලිය නිෂ්පාදනය කළ හැකි තවත් හඳුනාගත් ව්‍යාපෘති ඉතා කඩිනමින් ආරම්භ කිරීමටත් ඒවා ජාතික පද්ධතියට එක් කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. මොරගොල්ල ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්වයන් සොයාබලා ඒ සඳහා විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්වයන් කැඳවා ජනවාරි මස 12වැනි දින විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මහවැලි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිය වන්නේ මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියයි. වර්ෂ 2021/01/16 වැනි දින ආරම්භ කළ මොරාගොල්ල ව්‍යාපෘතිය මෙගාවොට් 30.5 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තය. ඉන් ගිගාවොට් පැය 100.5 විදුලි ජනනයක් වාර්ෂිකව ජාතික පද්ධතියට එක්කෙරෙනු ඇත.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134.62 ක මුදලක් වැයවේ. මහවැලි ගඟ හරස් කර ඉදිකරනු ලබන මීටර් 237 ක් දිගින් හා මීටර් 37 ක උසින් යුත් ජලාශ වේල්ල මගින් හෙක්ටයාර් 38.5 ක ජලාශ වපසරියක් ලබාදෙනු ලැබේ. එම ජලය කිලෝමීටර් 2.7 ක් දුර උමගක් හරහා ජනන යන්ත්‍ර වෙත ගෙන ඒමෙන් මෙගාවොට් 30.5 ක ජල විදුලි නිෂ්පාදනයක් ලබාදෙයි. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා,ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ශන ජයවර්ධන මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ලංකා විදුලිබල මණ්ලයේ ඉංජිනේරු ජයරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page