top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වසංගතයෙන් මිදීමට එන්නත්කරණය ඉතාම තීරණාත්මක සාධකයක් - මහාචාර්ය මංජු වීරසිංහ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 2 min read

ree

වසංගතයෙන් මිදීමට එන්නත්කරණය ඉතාම තීරණාත්මක සාධකයක් බවත්, වෛරස රෝගයකින් මිදීමට හැකියාව ලැබෙනුයේ රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළට ඔසවා තැබීමෙන් බවද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය මංජු වීරසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේදී එන්නත්කරණයට එරෙහි මතවාද පරාජය කරමු යන මැයින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි. එන්නත්කරණය අවසාන වශයෙන් ඇති ප්‍රධාන අවිය මෙන්ම නිවාරණ ක්‍රමවේදය බවද පැවසූ මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේ, බෝවන රෝග සදහා එන්නත්කරණය ඊයේ අද ඇති නොවුණු අතර 1853දී එන්නත්කරණය පිළිබද පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පැමිණි බවයි. එදා සිට අද දක්වා වසර 170ක් තුළ එන්නතක් හඳුන්වාදීමේදී ජනතාව අතරට භය සංකා පැමිණි බවද ඒ් වෙනුවෙන්ම පෙනී සිටින කොට්ඨාශයක් සිටි බවද ඔහු කියා සිටියේය. කොවිඩ් මර්දන එන්නත්කරණයේදී එන්නත වැඩක් නොමැති බවත්, විෂ සහිත ද්‍රව්‍ය එන්නතෙහි තිබිය හැකි බවත්, මෙය බටහිරවාදී සංකල්පයක් බවත් ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය පවා යොදා ගනිමින් යම් යම් මතවාද පතුරවා හැරීමට ප්‍රයත්න දරණ බව මහාචාර්ය මංජු වීරසිංහ මහතා පැවසුවේය. මේ වන විට අවුරුදු 60ට සහ 30ට වැඩි කණ්ඩායම් වල එන්නත්කරණය සැළකිය යුතු ලෙස අවසන් කර ඇති බවද, එන්නත් ලබානොගත් අයගේ මරණ ප්‍රතිශතය වැඩි වන අතරම එන්නත් ලබාගත් අයගේ ඉතා අඩු මරණ ප්‍රතිශතයක් වාර්තා වන බවද ඔහු සදහන් කළේය. එන්නත නිසා අසාධ්‍ය වීම සහ මරණයට පත්වීම අඩුකරගත හැකි බවද මෙය සෑම වයස් කාණ්ඩයකටම සමාන වන බවද ඔහු අවධාරණය කළේය. මෙරට ජනගහණයෙන් 20ත් 30ත් අතර කොට්ඨාශය මිලියන 2.5 – 3 ට ආසන්න ප්‍රමාණයක් සිටින බවද, 20ත් 30ත් අතර කණ්ඩායම සදහා එනනත්කරණය අරඹා මේ වන විට සති 03කට වැඩි බවද, ඒ් අනූව ඒම කණ්ඩායමෙන් ලක්ෂ 04කට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබාගෙන ඇති බවද ඔහු කියා සිටියේය. මෙම වයස් කාණ්ඩයේ පිටරට විදේශ විනිමය ඉපැයීමට එනම් රැකියාවන් සදහා විදෙස්ගත වන්නන් 20000ට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා ඇති අතර විදෙස් ගත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 17000ට ආසන්න ප්‍රමාණයක් ඒන්නත් ලබා ඇතැයිද ඔහු සදහන් කළේය. වැඩි වශයේ ශ්‍රම දායකත්වය ලබාදීමට මෙන්ම අධ්‍යාපනය ලැබීම සදහා නිවෙස් වලින්බැහැරට යන්නේ මෙම වයස් කාණ්ඩ වල පසුවන්නන් බැවින් ඔවුන් එන්නත ලබාගැනීමේ වැදගත්කමද මහාචාර්යවරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page