top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 1 min read

ree

ජනතාවට අපහසුතාවයකින් තොරව ගමනාගමනය පහසු කිරීම සඳහා වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

වරකාපොල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ , කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි රථ වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් ,වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් යන අරමුණු ඇතිව බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් ඉදිකරන මෙම වරකාපොළ අතුරු මාර්ගය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම් මේ වන විට අවසන් බවත් සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් වලින් 98 % ක ප්‍රමාණයක් මේ වන විට ගෙවා අවසන් බව ද අමාත්‍යවරයා සදහන් කලේය . එසේම වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා දිග මීටර් 2,350 කින් සහ මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි. මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page