වඳුරු උණ ආසාදිත රෝගීන් සොයා අද සිට පර්යේෂණ ඇරඹේ
- helloplanetaviss
- Aug 8, 2022
- 1 min read

මන්කි පොක්ස් හෙවත් වදුර උණ රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ අද සිට මෙරටදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ - තාක්‍ෂණික සේවා, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මන්කි පොක්ස් ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්‍ෂණ මගින් හදුනා ගැනීමේ හැකියාව අද සිට පවතින බවයි.
සැක කටයුතු රෝගියෙකුගේ සමෙහි ඇති වන බිබිලිවලින් ලබාගන්නා තරලයක් මගින් එම පරීක්‍ෂණ සිදු කෙරෙන බවද වෛද්‍ය අන්වර් හම්දානි මෙහිදි ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ - තාක්‍ෂණික සේවා, වෛද්‍ය අන්වර් හම්දානි.
Comments