වනිදු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි
- helloplanetaviss
- Feb 15, 2022
- 1 min read

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ වනිදු හසරංගටයි. මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
මේ අතර ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 03 වන විස්සයි 20 තරගය සඳහා වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලියට ආරම්භයට පෙර කොවිඩ් ආසාදිතවූ බවට හෙළිවූ කුසල් මෙන්ඩිස් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යලි එක්වීමට නියමිතව ඇත.
Comments