top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වතු කම්කරු පවුල් සඳහා තිරිගු පිටි සහනාධාරයක් - මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 15, 2022
  • 1 min read

ree

ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද(15) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව පවුල් 115,867 සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දෙනු ලැබේ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අන්ත අසරණ තෝරාගත් පවුල් 40කට මසකට රුපියල් 2000ක සහන මල්ලක් ලබා දීමේ වැඩසටහක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අයවැය ලේඛණයෙන් මුදල් ලබා දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ග්‍රාමීය පවුල් ඒකකයන්හි ව්‍යවසායකත්වයට කැමැත්තක් දක්වන කාන්තා ව්‍යාවසායකයින් හඳුනාගෙන එක් ගමකට එක් කාන්තා ව්‍යවසායකයයෙක් බිහි කිරීමේ අරමුණින් Home shop ජාලයක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද කීය. එකී වෙළෙඳසල් සඳහා අවශ්‍ය උපකරණ හා ගෘහ භාණ්ඩ රජය විසින් සපයා දෙනු ලබන බවද අමාත්‍යවරයා කීය. ඩිජිටල් කාඩ්පතක් මඟින් අඩු ආදායම්ලාභීන්ට මෙම සහන මල්ල වැඩසටහන යටතේ රුපියල් 2000ක දේශීයව නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම සුපිරි වෙළෙඳසැල් මඟින් මිලදී ගැනීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page