top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වෙළඳාමෙන් පාරිභෝගික ජනතාව සූරා කන්න හොඳ නැහැ- රටේ මොන දේ කරන්න ගියත් ඇතැමුන් කුමන්ත්‍රණ කරනවා...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 28, 2021
  • 2 min read

ree

පාරිභෝගික ජනතාවට භාණ්ඩයකට සාධාරණ මිලක් ලැබෙන්නේ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එකතුවෙලා කටයුතු කළොත් පමණ යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ ,‌ පොළොන්නරුව මනම්පිටිය සතොස නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය, “රාජ්‍ය අංශය දියුණු වෙන්න ඕනේ .ඒ වගේම පෞද්ගලික අංශයත් දියුණු වෙන්න ඕනේ .හැබැයි ඒ පාරිභෝගික ජනතාව සූරා කාගෙන පීඩනයට පත් කරගෙන නෙමෙයි .පුද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය වෙළඳාමෙන් පාරිභෝගික ජනතාව සූරාගෙන කන්න හොඳ නැහැ . මේ කොවිඩ් තත්වයත් එක්ක සීනිවල බද්ද අඩුකෙරේ ජනතාවට අඩු මිලට ගන්න .කූට වෙළෙන්දෝ එහිදී අයථා ප්‍රයෝජන ගන්න කටයුතු කරා .ජනතාවට සහන මිලට සීනි කිලෝවක් රුපියල් 122 ට ගන්න පුළුවන්, සහල් කිලෝවක් රුපියල් 98ට ගන්න පුළුවන් ගොවි ජනතාවට වී ටිකට හොඳ මිලක් ලැබුණා වගේම පාරිභෝගික ජනතාවට සහල් ටිකට සාධාරණ මිලක් ලැබුණා . කහ ආනයනය සීමා කරන්න ජනාධිපතිතුමා ගත්ත තීන්දු අනුව දැන් අපේ රටට අවශ්‍ය කහ අපිම නිෂ්පාදනය කර ගන්නවා. කොම්පෝස්ට් වගාවට එරෙහිව කඩාකප්පල්කාරී පිරිසක් පාරට ඇවිල්ලා තර්ජන ගර්ජන කරනවා. මේ වැඩේ කරලා පෙන්නන්නෙ නැතුව ජනාධිපතිතුමා කාබනික පොහොර ගැන කතා කරේ සද්භාවයෙන්, ඉදිරි පිරිසිදු චේතනාවෙන් අපේම දරුවන්ගේ අනාගතය ගැන හිතලා අනාගත පරම්පරාව ගැන හිතලා. අපි උත්සාහ කරන්න ඕනැ එක කන්නයක් වනයක් වගා කරන්න. අස්වැන්න අඩු නම් රාජය එහි මුදල දෙන්න සූදානම් අපි දෙවන කන්නයත් කරලා බලමු. එහි අලාභයක් වූවොත් රජය ගෙවනවා.ඒ නිසා දිගටම කරගෙන ගිහින් සාර්ථක වුනොත් ජයගත්ත පිරිසක් බවට අපි පත් වෙනවා. යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුණොත් අපිට පුළුවන් ඒ පිළිබඳව ජනාධිපතිතුමාට අගමැතිතුමාට දැනුවත් කරලා විකල්පයක් ඉල්ලන්න. මේ රටේ මොන දේ කරන්න ගියත් ඇතැමුන් කුමන්ත්‍රණ කරනවා කකුලෙන් අදිමින් සිටිනවා. ඒ පිළිබඳව පොළොන්නරු ජනතාවට මෑත කාලයේ හොඳ අත්දැකීම් තියෙනවා . පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තව තවත් සතොස ශාඛා විවෘත කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම එහිදී අපේ ප්‍රදේශයේම තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දෙන ලෙසත් ඉල්ලනවා. ඒ මඟින් පාරිභෝගික ජනතාවට සහනදායි මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. කියයි ද රාජ්‍ය අමත්‍යාවරයා පැවසීය . මෙම අවස්ථාවට මනම්පිටිය ශ්‍රී විශුද්ධාරාමාධිපති අලුත්වැව සේනාලංකාර හිමි, හේනානිගල චුල්ලපන්තාලංකාර හිමි, දිඹුලාගල ප්‍රාදේශීය සභාපති ජයන්ත මාරසිංහ, විපක්ෂ නායක රංජිත් කහගල්ල, මන්ත්‍රී දීපාල් සමරවික්‍රම, මන්ත්‍රී අනුරාධ රත්නායක, දිඹුලාගල වැලිකන්ද කොට්ඨාස ප්‍රධාන සංවිධායක/දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් සමරවික්‍රම, ලංකා සතොස ආයතනයේ සභාපති අද්මිරාල් ආනන්ද පීරිස්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, සතොස ආයතනයේ දිස්ත්‍රික් ප්‍රධාන කළමනාකරු සුභාෂ් ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page