වාහන ආනයනය කිරීමේදී මුල්තැන දෙන වාහන කාණ්ඩය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
- helloplanetaviss
- Jan 18, 2022
- 1 min read

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට මුලික තැනක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
විදුලිබලයෙන් ක්‍රියා කරනු ලබන වාහන ධාවනය කිරීමට අවශ්‍ය විදුලිය සපයා ගැනීම පුන්ර්ජනනිය බලශක්තියෙන් උපදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
මාසිකව ඉන්ධන ආනයනය කිරීමට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 350ක් පමණ වැය කිරීමට සිදුව ඇති බැවින් ඉදිරියේදී විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන ආනයනය කිරීමට අවසර දීමේදී මුලික තැනක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
Comments