වැසි වැඩි වෙයි - කලු, කැලණි, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවධානමක
- helloplanetaviss
- May 31, 2022
- 1 min read

නිරිත දිග මෝසම දිවයින හරහා සක්‍රීය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
ගංවතුර හේතුවෙන් ජලයෙන් යට විය හැකි ප්‍රදේශවලට මුදා ගැනීමේ භට කණ්ඩායම් සහ බෝට්ටු ස්ථානගත කර ඇති බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. නෙළුව හා තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ජලයෙන් යට වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ වෙත යුද සහ නාවික හමුදා මුදවා ගැනීමේ භට කණ්ඩායම් දෙකක් සහ බෝට්ටු දෙක බැගින් ස්ථානගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.
වර්ෂා තත්ත්වය තව දුරටත් පැවතිය හොත් කළු, කැළණි, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය යන ගංගා ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවධානමකට ලක් විය හැකි බවයි වාර්මාර්ග දෙපාර්තමෙන්තුව පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.
Comments