විශේෂ රැස්වීමකට අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය අද පෙරවරුවේ රැස්වෙයි
- helloplanetaviss
- Dec 11, 2023
- 1 min read

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
පෙරවරු 08 යි 30ට එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට සහභාගී වන ලෙස දන්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට වට්ස් ඇප් සහ දුරකතන ඇමතුම් හරහා දැනුම් දි ඇති බවද වාර්තා වුණා.
අද දිනයේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් පනත් කෙටුම්පත හා මුදල් පනත් කෙටුම්පත පිළිබඳ එහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර වැට් පනත් කෙටුම්පත හා මුදල් පනත් කෙටුම්පත අද පස්වරුවේ යළි පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
කෙසේ වෙතත් විපක්ෂය විසින් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ විවාදයක් ඉල්ලා නොසිටිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.
අයවැය තුන්වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය අදයි. ධීවර අමාත්‍යංශයට සහ වාරිමාර්ග අමාත්‍යංශයට අයත් වැය ශිර්ෂ අද විවාදයට ගැනෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට රැස්වීමට නියමිතයි.
Comments