top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් පිහිටුවීම....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 4 min read

ree

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් පිහිටුවීම සහෝදර ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අහිමිවෙලා තිබුණු මූලික අයිතීන් නැවත ලබා දීමේ මානුෂීය සංග්‍රාමයේ හැරවුම් ලකුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විවෘත කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා; ජාත්‍යන්තර සංඥා දිනය සැප්තැම්බර් මාසේ 23 වනදා අද ශ්‍රී ලංකා ඉතිහාසයේ එයට තවත් අර්ථකථනයක් ලැබෙනවා.අද එක පැත්තකින් ආබාධයන් සහිත සහෝදර ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අහිමිවෙලා තිබුණු මූලික අයිතීන් නැවත ලබා දීමේ එ මානුෂීය සංග්‍රාමයේ හැරවුම් ලකුණක්.මම ස්තුතිවන්ත වනවා,අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට , සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කිරීමේදී අපි ඔක්කොම එතුමාගේ මිරිහානේ ගෙදරට ගිහිල්ලා ඒ මූලික අදහස් ටික සාකච්ඡා කරලා එතුමා මට පැවරුවේ අන්තර්ගතයට ඇතුළත් කරන්න කියලා.28වැනි පිටුවේ අපි මේ සම්බන්ධයෙන් ඉතාම විශ්වසනිය භාෂාවෙන් ඒ සටහන් තබලා තියෙනවා.එහි ක්‍රියාත්මක වූ අදියරක සාක්ෂිකරුවන් විදිහටයි අපි ඉතිහාසගත වෙන්නේ. අනෙක් පැත්‌තෙන් අපේම සහෝදර පුරවැසියන් අහිමි වෙලා තිබුණ මානුෂිය අයිතියක් වගේම අනෙක් පැත්තෙන් ඒ ගෞරවනීය මනුෂ්‍යත්වය භුක්ති විඳීමට තිබුණ බාධාවක් තමයි අද අපි ඉවත් කරන්නේ.මානවයා දියුණු කියලා කියන්නේ ඔහුගේ සුවිශේෂී සන්නිවේදන හැකියාව නිසා.ඒ සන්නිවේදන හැකියාව පිළිබඳ අර්බුදයක් තියෙනවා.යම් ප්‍රජාවක් වෙනවා නම් ලෝකයේ පිළිගත්තු සිද්ධාන්ත තියෙනවා.ලෝකේ රටක් සමාජයක් සංස්කෘතියක් ස්ථානයක් පුරවැසියෙක් ශීලාචාරද ශිෂ්ට සම්පන්නද කියලා මනින මිනුම් දඬු තියෙනවා.රටක් නම් ඒ රට මගින් ශීලාචාරභාවය මුද්‍රාව තියන දර්ශක කිහිපයක් තියෙනවා.එකක් තමයි ප්‍රකාශනයේ නිදහස.එය කොතරම් ආරක්ෂා වෙලා තියෙනවද ?ආරක්ෂා වෙලා තියෙනවානම් රට ශීලාචාරයි.කාන්තා අයිතිවාසිකම් සම තැන කාන්තාවන්ට ලැබිලා තියෙනවද ?ශීලාචාරද නැද්ද කියලා ඔබ අහන්න.සත්ත්ව හිංසනය පිටුදැකලා තියෙනවද තව දර්ශකයක්.දරුවන්ට ඒ සමාජයේ සළකන්නේ කොහෙමෙද තවත් දර්ශකයක්.ඒ වගේම ප්‍රබලම දර්ශකය තමයි ඒ රාජ්‍ය හෝ අදාළ ආයතනය ආබාධ සහිත තමන්ගේ පුරවැසි ප්‍රජාවට පිළීගැනීමක් දෙන්නේ කොහොමද කියන එක.ලෝකයේ ශීලාචාරකම මනින ප්‍රධාන දර්ශකය මිනුම් දණ්ඩ.මම මගේ සහෝදර පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා හෘද සාක්ෂීයෙන් මෙ මිනුම් දණ්ඩ තමන්ට ආදේශ කරලා බලන්න එතකොට තේරේවි ඔබ ශීලාචාරද නැද්ද කියලා.ඔබ ගෝත්‍රිකද නැද්ද කියලා කියන පණිවිඩය ඔබට හෘද සාක්ෂිය ආමන්ත්‍රණය කරලා කියාවි.ඒ නිසා අපි දන්නවා තමුන්නාන්සේලා විශේෂ යමක් ඉල්ලන්නේ නෑ.වරප්‍රසාදයක් ඉල්ලනවා නෙමෙයි මන්ත්‍රිවරයෙක් වාහන බලපත්‍රය ඉල්ලනවා.ඒක වරප්‍රසාදයක්.හැබැයි කථන ආබාධයක් සහිත පුරවැසියෙක් ඉල්ලන්නේ වරප්‍රසාදයක් නෙමෙයි දෘශ්‍යාබාධ සහිත පුරවැසියෙක් ඉල්ලන්නේ වරප්‍රසාදයක් නෙමෙයි අයිතිය ඉල්ලන්නේ.මානව අයිතිය ඉල්ලන්නේ.එතකොට අපි නොදී ඉන්නේ මොකක්ද මේ මූලික මානුෂීය අයිතිය.ඒ නිසා අද දවස මන් ඒකයි කිව්වේ හැරවුම් ලකුණක් ලෙස අපි උපයෝගී කර ගන්නා අතරේ මගේ සියලුම සහෝදර මාධ්‍ය ආයතන මාධ්‍ය සහෝදරයින්ගෙන් ඉල්ලීමක් කරනවා අපේ සන්නිවේදන අවකාශය ඇතුළේ කාගෙවත් හිත රිදවන්නේ නැතිව භාෂාවේ උච්චතම රූපකය තමයි මේ වචන.අපි කෙහොමද වචනය භාවිත කරන්නේ අපි වචන භාවිත කිරීමෙන් කාගේහරි හිත් රිදවෙනවද ? හිත රිදෙනවානම් ඒ භාෂාව ඒ වචනය පාවිච්චි කිරීමෙන් වළකින්න ඔ්නි.අපි දැනුවත්ව නෙවෙයි නොදැනුවත්ව කොතරම් හිත් රිදවනවද?අපේ භාෂාව උතුම් භාෂාවක්.ඒ භාෂාවේ උපමා , උපමේය , රූපක , පිරුළු මොනතරම් තියෙනවද ‌මේ ආබාධ සහිත මගේම සහෝදර පුරවැසියන්ට රිදෙන්න.මම ඔබට රිදීමක් ඇති කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නෑ උදාහරණ කියලා.පිරිලා.ජාතික සංස්කෘතික මංගල්‍ය කියන අපේ අප්‍රේල් මාසයේ බක් මහ මංගල්‍ය , බක් මහේ මහා සංස්කෘතික මංගල්‍ය අවුරුදු උත්සවයකට ගියත් තරග දෙක තුනක් තියෙනවා නම් කරලා තියෙන්නේ ආබාධයක් සහිත අපේ සහෝදරයට රිදෙන විදියට.ඒ නිසා මාධ්‍ය අමාත්‍යංශය විදිහට අපේ වගකීම තමයි සියලුදෙනාම එකතු වෙලා මේ සහෝදර පුරවැසියන්ට රිදීමක් ඇති නොවන ආකාරයට භාෂාව හැසිරීම සහ ගරු ලේකම්තුමනි මේකට නෛතික අවශ්‍යතාවයක් තියෙන්න ඔ්නි ඒ වචන සංග්‍රහය මාධ්‍ය භාවිතාවට උචිත ආබාධ සහිත සහෝදර පුරවැසියන්ට උචිත වූ පාරිභාෂීක වචන ශබ්දකෝෂයක් ලෙස නෛතික මුහුණුවරකින් දෙන්න පුළුවනිනම් අපි ඒ්ක කරන්න ඕන.ඒක තමයි වැදගත්ම දේ.ලෝකෙ පුරා දියුණු සමාජ එහෙමයි.අපේ ජනගහණයෙන් සියයට 8.7ක් ආබාධිතයි කියලා රසාංජලී මහත්මිය කිව්වා.සංඛ්‍යාත්මකව ගත්තොත් ලක්ෂ 16ක්.ලෝක තත්වය මොකක්ද , ලෝකයේ ජනගහණයෙන් සියයට 15ක් කුමන හෝ ආබාධයක් සහිත අය.සියයට 15ක් කියන්නේ සංඛ්‍යාත්මකව කොයි තරම් ප්‍රමාණයක්ද? ජනගහණයෙන් බිලියනයක් ආබාධ සහිතයි.කණගාටුවට කාරණය මොකක්ද මේ බිලියනයෙන් සියයට 80ක් ජීවත් වන්නේ පූර්ණ සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය පද්ධතිය ඇතුළේ.ඇයි එහෙම වෙලා තියෙන්නේ ?එහෙම වෙලා තියෙන්නේ පිළීගැනීමක් නැතිවන නිසාවෙන්.එසේ නැත්නම් ආබාධ සහිත පුද්ගලයන්ට අදාළ අපකීර්තිමත් යෙදුම් වාර්තාවන නිසාවෙන්.දැන හෝ නොදැන කරන.මේ නිසා තමයි සංවර්ධනය වෙමින් පවත්නා ලෝකයේ මේ ප්‍රජාවවල අගයක් බවට පත්වෙලා තියෙන්නේ.එනිසා රාජ්‍යයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වන මේ රාජ්‍ය ඇතුළේ ඔබ තමුන්නාන්සේලාට මේක ආරම්භයක් පමණයි සමස්ත ප්‍රශ්න සංග්‍රහයකට උත්තරයක් නෙමෙයි මේ අද ඔබට ලැබෙන්නේ.අපේ කැපවීම අපි ප්‍රදර්ශනය කරනවා.අපේ උවමනාව ඔබට පිළිගන්වනවා.අපි එකට එකතු වෙමු අද දවසේ අයි.ටී.ඒන් ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා සංඥා භාෂාවෙන් පළමු වතාවට තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරය ආරම්භ කරනවා අද දවසේ.ඒ වගේම විශ්වාස කරනවා අපේ රටේ සියලුම විද්‍යුත් නාලිකා මේ මානුෂීය ව්‍යාපෘතියේදී උවමනාවෙන් හැඟීමෙන් ඉදිරි කාලයේදී අපිත් එක්ක අත්වැල් බැඳගනියි කියලා.එය විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඈත දුරබැහැර ගමක දෘශ්‍යාබාධිතව විභාග මධ්‍යස්ථානයකට එන දුවට පුතාට ඒ බ්‍රේල් අක්ෂරවලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ නෑ.සුපවයිසර්වරයා ළඟට ඇවිල්ලා ඔහුට ප්‍රශ්නපත්‍රය කියවන්නට ඔ්නි.ඔහු ප්‍රශ්න පත්‍රය ලියාගෙන අනතුරුව උත්තර දෙන්න ඔ්නි.බලන්න කොයි තරම් ගෝත්‍රිකද කියලා.අර ශීලාචාර වීමේ දර්ශකයකින් මනින්න පුළුවන්ද මෙහෙම වුනාම?ඒ නිසා ශිෂ්ට සම්පන්න දියුණූ ලෝකෙකට ඇතුල්වෙන්න පුළුවන් භෞතික සංවර්ධනයකින් විතරක් නෙමෙයි මානව සංවර්ධන දර්ශක අවශ්‍ය වෙනවා.මේ එක දර්ශකයක්.ඒ නිසා මේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ව්‍යාපෘතිය වෙනුවෙන් මේකට අවශ්‍ය රාජ්‍යමය යටිතල පහසුකම් සම්පාදනය කරපු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවටත් විශේෂයෙන් විජේවීර ලේකම්තුමා ප්‍රධාන අමාත්‍යංශයේ සහෝදර සියලුම නිලධාරීන්ටත් ඒ වගේම මොහාන් සමරනායක අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒ වෙුනවෙන් කැපවීම් කරපු අධ්‍යක්ෂක අතුල මහතා ඇතුළු ඒ සියලුම දෙනාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු හැමදෙනාටමත් අපේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පිරිනමමින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගල සංවිධාන එකමුතුව සමග රසාංජලී මැතිණියනි අපි තව අඩුපාඩු හදාගෙන වැරදි නිවැරදි කරගෙන මානව දර්ශක ඇතුළෙ විශිෂ්ටත්වයේ මුද්‍රාව ශ්‍රී ලාංකීය රාජ්‍ය මත තබන්න අපි එක කණ්ඩායමක් විදිහට කටයුතු කරමුයි කියලා ආරාධනා කරමින් අපේ කතෘවරුන්ගේ සංසඳය විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංසඳය මේ සියලු දෙනාම අපි එක කණ්ඩායමක් විදිහට අමාත්‍යංශය පුද්ගලික මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය මේ කියන සාම්ප්‍රදායික සීමා මායිම් ඉවත් කරලා බැමි බිඳලා එක කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න අද දවසේ අධිෂ්ඨාන කරගමුයි කියලා ආරාධනා කරමින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාව වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රකාශ කරමින් වෙනස්කම් කොතෙක් තිබුණත් නොවෙනස් මිනිස්කම අපි ඉදිරියට ගමුයි කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page