top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වෙලේ සුදාට එරෙහි නඩුවක් දෙසැම්බර් 05 වෙනිදා කැඳවීමට දින නියම කරයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 15, 2022
  • 1 min read

ree

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 18 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී විත්තිකාර වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. නඩුවේ තවත් විත්තිකාරියක වශයෙන් නම් කර සිටින වෙලේ සුදාගේ බිරිඳ ද අධිකරණය පෙනී සිටියා. ඉන් අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 05 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් කොළඹ දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස හා දේපළ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර වෙලේ සුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page