වෙල්ඩින් ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ....
- helloplanetaviss
- Feb 12, 2022
- 1 min read

වෙල්ඩින් ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා වෙනුවෙන් VTA සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ.
Tantri Trailers සමාගම සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් 10 දින සිදු කෙරිණ. Tantri Trailers සමාගම විසින් ට්‍රෙලර්, ඉදිකිරීම් යන්ත්‍රාගාර හා උපකරණ, සන්නිවේදන කුළුණු, දොඹකර ඇතුළු උපකරණ හා නිෂ්පාදන රාශියක් නිපදවන අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක් වෙත ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරනු ලබයි. මේ අනුව පුහුණු අධිකාරිය සතු පහළ යාගොඩ පිහිටි මධ්‍යස්ථානය Tantri ආයතනය හා එක්ව ක්ෂේත්‍රයේ තුළ පවතින තාක්ෂණය සහිත ආයතනයක් ලෙස වැඩි දියුණු කරන අතර වැඩිදුර පුහුණුව Tantri Trailers කර්මාන්තශාලා තුළින් ලබා දෙයි. එමඟින් වඩා යාවත්කාලීන පුහුණුවක් දරුවන් සඳහා ලැබෙන අතර රැකියා සුරක්ෂිතභාවය ද ඇති වේ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන ලද්දේ පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සමග එක්ව වෘත්තීය පුහුණු අවස්ථා ඇති කිරීම තුළින් රැකියා සඳහා අවශ්‍ය උසස් තාක්ෂණය දරුවන් හට ලබා දිය හැකි බවයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා, Tantri Trailers සමාගමේ අධ්‍යක්ෂ මයාන් හපුතන්ත්‍රී මහතා, කලමනාකරණ අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී මහතා, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Comments