top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 7, 2022
  • 2 min read

ree

වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් GSMB අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දන්වයි.

වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීමේ දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැනට අනුගමනය කරන අනුව මහජනතාවට ඒ සඳහා ප්‍රධාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට ද පැමිණීමට සිදුවී තිබේ. මේ නිසා විශාල තදබදයක් එම කාර්යාවල දිනපතා පවතින අතර ජනතාවට නිකරුණේ රස්තියාදුවීමට සිදු වීම මෙන්ම බලපත් ලබා දීමේ දී ප්‍රමාදයක් හා දූෂණ හා අක්‍රමිකතා ද සිදුවන බව අනාවරණය වී ඇත. මේනිසා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයක දී ඊට විකල්පයක් ලෙස මාර්ගගත ONLINE ක්‍රමයක් සකස් කරන ලෙස GSMBයට දැනුම් දුන්නද මේ වනතෙක් එම කටයුතු සිදු කර නැතැයි අනාවරණය විය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍යවරයා විසින් අද දින (06) කැඳවූ අතර එහි ප්‍රගතිය විමසමින් අමාත්‍යවරයා මෙම මාර්ගගත වැඩ පිළිවෙළ සම්බන්ධව කරුණු විමසනු ලැබීය. නමුත් මේ වනතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් සැකසීමට උපරිම වශයෙන් මාස තුනක් ලබා දෙන බවත් එම කාලය තුළ එම වැඩ පිළිවෙළ අවසන් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය අනිවාර්යයෙන්ම විසුරුවා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම එම වැඩපිළිවෙළේ ප්‍රගතිය මාස් පතා වාර්තාවකින් තමන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට වාර්ෂිකව වැලි, කළුගල්, හා පස් කැණීම් හා ප්‍රවාහණ බලපත් ලක්ෂ 10ක් පමණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරනු ලබයි. පසුගිය වසරේ නිකුත් කරන ලද ප්‍රවාහණ බලපත් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව අනාවරණය විය.මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම භූ විද්‍යා පතල් කාර්යාංශයේ ඉහළ නිලධාරිහු ද සහභාගි වූහ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page