top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වැලිකඩ රැදවූ තිළිණි ප්‍රියමාලි ළග තිබූ ජංගම දුරකථනයක් සොයා ගනී

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 10, 2022
  • 1 min read

ree

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරිනියන් ඇතුළු කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි.

තිළිණි ප්‍රියමාලි එම බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටින වාට්ටුවේ සිර මැදිරියක වෙනම රදවා සිටිනවා. බන්ධනාගාර බුද්ධි අංශයේ කණ්ඩායමක් එම සිරමැදිරියේ සිදුකළ හදිසි පරික්ෂාවකදී අදාළ ජංගම දුරකථනය ඇය සන්තකව තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රුපියල් මිලියන 226කට අධික මුදල් සහ රන්භාණ්ඩ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ අනුව ඇය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා තැබීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

සැකකාරිය බන්ධනාගාර ගත කිරීමට පෙර පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථනයක් ඇය සන්තකයේ තිබී නැහැ. ඇයට ජංගම දුරකථනයක් ලැබුණේ කෙසේදැයි සොයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේවනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිරමැදිරියේ ජංගම දුරකථනයක් තබා ගැනීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර තිළිණි ප්‍රියමාලි සිදුකළ වංචා සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින්ද අනාවරණ කෙරුණා. එම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් බැලුම්ගල යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page