top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ව්‍යසනය හමුවේ ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක- සෞඛ්‍ය අමාත්‍ය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

ගෝලීය ව්‍යසනය හමුවේ සමස්ත ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක් භාර ගෙන කටයුතු කරන බවත් එම අභියෝගයේදී දුප්පත් ,පොහොසත් ,දියුණු, නොදියුණු රටවල් ලෙසින් බෙදා වෙන් කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම දැවැන්ත අභියෝගය හමුවේ මෙරට කිසිදු අංශයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තනි නොකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ලංකා පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල් කෝටි තුනකට ආසන්න වෛද්‍ය උපකරණ තොගයක් රෝහල් කරා පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. එම විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙම පරිත්‍යාග ලබාදීම (22) සිදුකෙරුණු අතර රෝහල් 35 ක් සඳහා පරිත්‍යාග ලබා දීම සිදුවේ.‍ එය සංකේතවත් කරමින් හොරණ,තෙලිජ්ජවිල,පේදුරුතුඩුව,මීරිගම,අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට යන මූලික රෝහල් මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට පරිත්‍යාග ලබා දීම සිදු කෙරිණි. නාහිමියන් වෙත තායිවානය ඇතුළු විදෙස් රටවලින් ලැබුණු පරිත්‍යාග ඔස්සේ මෙම රෝහල් උපකරණ ලබා දීම සිදුවිය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සම්බන්ධීකරණය කළ අතර ගෝලීය කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට මේ දක්වා නාහිමියන් විසින් රුපියල් මිලියන 90ක පමණ පරිත්‍යාග සිදු කර ඇත. ඊයේ ලබාදුන් පරිත්‍යාග අතර ඔක්සිජන් කන්සන්ට්‍රේටර් ,ඔක්සි මීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන,මුඛ ආවරණ ඇතුළු උපකරණ හා භාණ්ඩ වේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඒ ඒ රෝහල් සඳහා මෙම පරිත්‍යාග ලබා දීම සිදුවිය. කොවිඩ් ව්‍යසනය හමුවේ රටේ අති බහුතරයක් එම ප්‍රශ්නය වෙනුවෙන් පුදුමාකාර කැපවීමකින් කටයුතු කරන්නේ යැයිද විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් තම දිවි පරදුවට තබා ඒ් උදෙසා සේවාව සපයන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. එනිසා සමස්තයක් ලෙස ගත් විට ව්‍යසනය මධ්‍යයේ අපට ඉගෙන ගැනීමට මෙන්ම හදවතට එකගව සතුටුවිය හැකි කරුණු ගණනාවක් ඇතැයිද ඒ මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය. මෙම අභියෝගාත්මක මොහොතේ ජන ජීවිත හැඩගස්වා ගැනීමට ජාති ආගම් කුල පක්ෂ බේද අමතක කර කටයුතු කිරීම වැදගත් වේ.එමෙන්ම මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකවරුන් මේ වෙනුවෙන් දක්වන දායකත්වය අපරිමිතය. පන්සල කේන්ද්‍රකර ගනිමින් මේ මොහොතේ සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව දැඩි සමාජ පැසසුමක් ඇතිව තිබේ. සිංහල බෞද්ධ පරිසරය මෙන්ම දහම් අධ්‍යාපනයෙන් ගොඩනැගුණු රටක් ලෙස කටයුතු කිරීම එයට මහත් ශක්තියක් වී තිබේ. සුනාමි ව්‍යසනය අවස්ථාවේ ද කුඩා දරුවාගේ සිට සැවොම එක්ව අසරණ වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම දියේ ගසාගෙන යන දරුවෙකුගේ මුද්ද ගලවා ගත්ත අයවැනි දෙතුන් දෙනෙකුත් එදා සිටියා. අදත් මධ්‍යස්ථාන පන්සීයකට එන්නත්කරණය සාර්ථකව සිදු වෙද්දී මධ්‍යස්ථාන එකක දෙකක යම් යම් සිදුවීම් විය. එහෙත් අද අවාසනාවකට ඒ සිදුවීම් දෙක තුන පමණයි මතු කර පෙන්වන්නේ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද, නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page