top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළ නඩුවෙන් ඇමති ප්‍රසන්න වැරදිකරු වෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 6, 2022
  • 1 min read

ree

2015 වසරේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළා.

ඒ අනුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 5 කට අත්හිටුවන බව ද සඳහන් කළා.

එමෙන්ම විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවද අමතරව මාස 9 ක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළා.

ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැර ලැබූවද අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙකු නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ හි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමට ගිහාන් මෙන්ඩිස් නම්බරේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page