top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්ත සඳහා මහවැලි කලාප සංවර්ධනය කරනවා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 10, 2022
  • 2 min read

ree

විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තය සඳහා මහවැලි කලාප සූදානම් කළ යුතු බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ, මහවැලි ව්‍යාපාරයේ අපේක්ෂිත ඉලක්ක දෙස ආපසු හැරී බැලීමේ දී එම ඉලක්කය සඳහා නිවැරදිව ගමන් ගෙන ඇත් ද යන්න යලි විමසා බැලිය යුතු කාලය එළඹ ඇති බවයි. මහවැලි ජනපද නිවැරැදි ලෙස කෘෂි නිෂ්පාදන ඉලක්ක වෙත සූදානම් කර තිබුණේ නම් සහල් මිල, එළවළු මිල මෙතරම් ඉහළ යාමක් සිදුනොවීමට ඉඩ තිබුණු බව ද හෙතෙම කියා සිටියි. රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ පසුගියදා (07) මහවැලි එච් කලාපයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට සහභාගී වෙමිනි. තඹුත්තේගම පිහිටි මහවැලි එච් කලාපයට අයත් නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිපාල ගමලත් මහතා කියා සිටියේ මහවැලි කලාප ජනතාව ගේ ජීවනෝපාය ශක්තිමත් කරන අතර තුර ජාතික නිෂ්පාදනයට අවශ්‍ය දායකත්වය පුළුල් කිරීම සඳහා ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. අන්කවරදාටත් වඩා වර්තමානයේ මහවැලි ට,විශාල වගකීමක් පැවරී තිබෙනවා. එය ජාතික වශයෙන් නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම පමණක් නොව, මහවැලි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදන කර්මාන්තය පුළුල් කිරීම යි. එය රටේ ඩොලර් සංචිතය වර්ධනය කර ගැනීමට ට ද, විකල්පයක් බව ද රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා දුන්නේ ය. 2022 වසර මහවැලි ය අලුත් මුහුණුවරක් යටතේ ඉදිරියට ගමන් කරන බවත් සියළු නිලධාරීන් එක පවුලක් ලෙස කටයුතු කර අදට වඩා හෙට දින යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ හා ආර්ථික වටපිටාව ශක්තිමත් කිරීම ට කැපවීමෙන් කටයුතු කිරීම යැයිද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. මහවැලි ව්‍යාපාරය මුල සිට ම ජනතාව සමඟ කටයුතු කළ ආයතනයක්, වෙනත් රජයේ ආයතන වලට වඩා මහවැලි යේ ස්වභාවය වෙනස් දෙයක්. සියළු නිලධාරීන් නේවාසිකව කටයුතු කළ යුතුයි. මහවැලිය ජනතාව ගේ විශ්වාසය දිනා ගෙන වැඩකළ යුතු ආයතනයක්. සමහර නිලධාරීන් ආයතනය ට අවශ්‍ය පරිදි ඒ ඒ තැන්වලට ස්ථාන ගත කරනවා. සමහර නිලධාරීන් ගෙදර ඉඳල වැඩට එන්න කැමති වුනත්, ඒක මේ ආයතනයේ කරන්න ටිකක් අමාරු දෙයක්. සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරුවීමක් ලැබුණම ඒක වෙනස් කර ගන්න මාව හමුවෙන්න එනව. එහෙම මා ළඟට ආවට මට ඒ ස්ථාන මාරු කිරීම් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මානුෂිය හේතු මත කිසියම් සංශෝධනයක් හැර වෙනත් විකල්පයක් නැහැ. එදා කොළඹ පදිංචි බොහෝ පිරිසක් පළමු පත්වීම දුෂ්කර ප්‍රදේශය වල ට යොමුකෙරුනා. එදා ඒ නිලධාරීන් තමන්ට පහසුකම් අඩු යි කියා ආපසු නගරය ට ගියානම් මේ ප්‍රදේශ වල ජනතාව ට අද මේ ආකාරයට ගොඩ නැගෙන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ. රාජකාරියේදී පෞද්ගලික කාරණා අදාළ වන්නේ නැහැ. සමහර සේවකයින් මගෙන් ඉල්ලන්නෙ ගෙදර ළඟ ම තියෙන කාර්‍යාලය ට මාරුවීමක් දෙන්න කියල. ළමයි බලාගන්න කවුරුත් නැහැ, අම්මා තාත්තා බලාගන්න කවුරුත් නැහැ කියල ස්ථාන මාරුවීම ගේ ළඟට ඉල්ලනවා. මේ කාරණා මහවැලි ට අදාළ වෙන්නෙ නැහැ , මේ විදිහට කොහොමද මහවැලි ය ගොඩ නගන්නේ. මහවැලි අධ්‍යක්ෂ ජනරාල් වරයා දැන් මහවැලි ය අලුත් විදිහට ගොඩ නගන්න පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමට මම ප්‍රසාදය පළකරනවා, යැයිද සිරිපාල ගමලත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාව සඳහා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා, මහවැලි ජීවනෝපාය සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් රාජපක්ෂ මහතා, මහවැලි තාක්ෂණ අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා, මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතා ඇතුළු කලාපයේ සියළු මහවැලි නිලධාරීන් සහභාගි වී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page