top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදේශ රැකියා ඇබෑර්තු වලට සරිලන රැකියා ඉලක්කගත වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න - අග්‍රාමාත්‍ය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 2 min read

ree

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍රයන් ආවරණයවන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්නැයි වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින උපදෙස් දුන්නේය.

තරුණ තරුණියන් වැඩිපිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව අවධාරණය කළේය. වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය. නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටිකාලීන පුහුණුවක් තුළින් විදේශ රැකියා සඳහා සුදුසු නිපුණ ශ්‍රමිකයන් බවට පත්කිරීමත්, විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ රැකියා ක්ෂේත්‍රයන් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරන ලදි. තරුණ කටයුතු අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය දැනටමත් තරුණ තරුණියන් සඳහා ඇතැම් වෘත්තීමය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්කගත පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව ද මෙහි දී අනාවරණය විය. පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතනයන් වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය,දකුණු කොරියාව,ඉතාලිය,රුමේනියාව,දෝහ කටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබෑර්තු 183,198කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බවද මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,නාමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, සීතා අරඹේපොල, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.සේනානායක,නිපුණතා සංවර්ධන,වෘත්තිය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපදීපා ලියනගේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහත්ම මහත්මීහු ඇතුළු ආයතන රැසක ප්‍රධානීහු එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page