top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විද්වත්හු සහ වෘත්තීයවේදීහු සමඟ සාකච්ඡා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 13, 2022
  • 1 min read

ree

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතී. එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීහු මෙහිදී කියා සිටියහ. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටිති. එසේ වුව ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ. සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ. ජනාධිපතිතුමා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පැවසූහ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වත්හු, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව ද අවධාරණය කළහ. අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම, පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් ජනාධිපතිතුමා සමග පැවති මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහබැංකු අධිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති ප්‍රධාන උපදේශකතුමා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page