top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදුලිය කැපෙයිද? නැද්ද? - තීරණය අද ඉන්ධන ලැබීම මත

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 28, 2022
  • 1 min read

ree

අද දිනය තුළ දැවි තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටස ද ක්‍රියාවිරහිත වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “ඒ” කොටස මේ වන විටත් අක්‍රියයි. එහි විදුලි ජනන කටයුතු නතර කෙරුණේ අද උදෑසනයි.

දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බලාගාරයේ ජනන කටයුතු මීට පෙර දින ගණනනාවක් නතර කර තිබුණා. එහෙත් එහි ජනන කටයුතු යළි ආරම්භ කෙරුණේ ඊයේ පස්වරුවේ දැවි තෙල් ලැබීමත් සමඟයි. එහෙත් මේ වන විට එම දැවි තෙල් තොගය ද අවසන් වී තිබෙනවා.

සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටසට ලබාදී ඇත‘ දැවි තෙල් ද අද රාත්‍රියේ අවසන් වීමට නියමිතයි. ඒ අනුව එහි ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් අද දිනය තුළ දැවි තෙල් ලබාගැනීම අත්‍යවශ්‍ය වනවා. එහෙත් මේ වන විට දැවි තෙල් ආනයනය නොකිරීමත්, රට තුළ තිබූ දැවි තෙල් අවසන්වීමත් හේතුවෙන් විදුලි උත්පාදනයට දැවි තෙල් සොයා ගැනීම මේ වන විට පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් පද්ධතියට එක්කෙරෙන සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 111 ක්. මෙම බලාගාරය “ඒ’‘ සහ “බී” වශයෙන් කොටස් දෙකකින් සමන්විත වනවා. එහි “ඒ” කොටසේ මෙගාවොට් 16 බැගින්වූ ජනන යන්ත්‍ර තුනක් ද “බී” කොටසේ මෙගාවොට් 09 බැගින් වූ ජනන යන්ත්‍ර 07 කින්ද සමන්විත වනවා.

කෙසේවෙතත් මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් තොග ගොඩබෑම සිදු කෙරෙමින් පවතිනවා. එම කටයුතු අවසන්වී තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කළහොත් දින දෙක තුනක් තුළ විදුලි බල මණ්ඩලය සඳහා දැවි තෙල් ලබාදීමට හැකියාව ඇති බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page