top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදුලි බිල සීයයට 75කින් වැඩි කෙරේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 9, 2022
  • 1 min read

ree

හෙට දිනයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ ලක්ෂ 48ක් පමණ අඩු විදුලි ඒකකයන් පරිභෝජනය කරනු ලබන නිවාස සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරනු ලැබූ බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264%කින් වැඩි කිරීමටත්, ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල සීයයට 200කින් සහ ඒකක 90ක් දක්වා භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව සීයයට 125කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී ඇති බවයි.

2014 වසරේදී අවසන් වරට විදුලිබිල සියයට 25 කින් අඩු කරනු ලැබූ බවත් ඉන් පසුව විදුලි බිල සංශෝධනය නොකිරීම සහ විදුලිය නිෂ්පාදනය කිරීමේදී යොදා ගනු ලබන ගල් අඟුරු, ඩීසල් සහ දැවී තෙල් මිල ගණන් ඉහළ යාම සහ පවතින උද්ධමනය හේතුවෙන් විදුලි බිල ඉහළ දැමීමට සිදුවූ බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා මාස 03ක කාලයක් යන තෙක් විදුලි බිල සියයට 50කින් පමණක් වැඩි කරන අතර සෙසු මිල වැඩි වීම මාස 03කින් පසු සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

එමෙන්ම මෙරට පිහිටි සමාගමක සීයයට 60කට වැඩි ප්‍රමාණයක් විදෙස් සමාගමකට හිමිනම් එම විදුලි බිල අමෙරිකානු ඩොලර් යටතේ ගෙවීමට නියම කරනු ලැබූ බවත් එහිදී ඔවුන්ට වට්ටමක් ලබාදීමට නියමිත බවයි එම කොමිසම සඳහන් කර සිටියේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page