top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදුලි කප්පාදුවේදී ඔන්ලයින් ඉගැන්වීම් සලකා බැලිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම කියයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 27, 2022
  • 1 min read

ree

අද සිට ජූලි 03 වනදා දක්වා දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේදී කොටස් 02ක් වශයෙන් කලාප අනුව විදුලිය කප්පාදු කෙරෙනවා. කෙසේවෙතත් උදෑසන කාලයේදී විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එවැනි තත්ත්වයකදී ඔන්ලයින් ක්‍රමය හරහා පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අවධානයක් ලබාදීමට නොහැකි බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

නෙත් නිවුස් කළ විමසීමකදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ රට තුළ පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුව සිදුකිරීම සහ පාසැල් අධ්‍යයන කටයුතු සිදු කිරීම යන කරුණු දෙකම සම්බන්ධයෙන් එක ලෙස ප්‍රමුඛතාව ලබාදිය නොහැකි බවයි.

කෙසේවෙතත් අද සිට 03 වනදා දක්වා විදුලිය කප්පාදු කෙරෙන කාලසටහනට අනුව විදුලි කප්පාදුව ආරම්භ කෙරෙන්නේ පස්වරු 01 ටයි.

ඒ අනුව අද සිට 03 වනදා දක්වා වූ කාලය තුළ A සිට L සහ P සිට W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත්තේ. කෙසේවෙතත් CC කලාපය සඳහා ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 6 සිට උදෑසන 08 දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

මේ අතර M,N,O,Y,Z යන කලාප සඳහා ද ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 5 සිට උදෑසන 08 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page