top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වෛද්‍ය ක්ෂේත්‍රයේ නව නිපැයුම් නිර්දේශ මත මිලදී ගැනීමට රජය සූදානමින්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිර්මාණය කරන ලද නව නිපැයුම් කිහිපයක් එළිදක්වමින් ඒවා වාණිජකරණය කිරිමට නව ආයෝජකයින්ගේ හමුවක් (21) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම හමුව පැවැත්වුයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් පරිශ්‍රයේදි. එලෙස එළිදක්වන ලද නව නිර්මාණ වනුයේ, 1.Microorganism Diverting and Clearing Device - කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සඳහා භාවිතා කළ හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කරන උපකරණය, (කොළඔ ජාතික රෝහලේ වෛද්‍ය ශෂික ආරියරත්න) 2.Video Laryngoscope - අසාධ්‍ය රෝගීන් සඳහා කෘතිම ශ්වසනය ලබාදීමේදී අත්‍යාවශ්‍යම සහ තීරනාත්මකම පියවර පහසු කරවන උපකරණය. (වෛද්‍ය අනුප හේරත්) 3.Microorganism Destroying & Air Filtering Unit - වාතය මගින් පැතිරයන ක්ෂුද්‍ර අංශු හා ක්ෂුද්‍ර ජීවීන් හරණය හා පෙරණය කළහැකි නව වායු පිරිසිදු කරන උපකරණය, (තුෂාන් කරුණාරත්න ) 4.Bed to Trolly - ඇඳකින් ට්‍රොලියකට රෝගින් මාරුකිරිමේදී රෝගියාට සිදුවිය හැකි තුවාල හා අපහසුතා අවම කිරීම සඳහා වන උපකරණ, (ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය පී. එම්. ටී. බණ්ඩාර මහතා ඇතුඵ පිරිස) යන ඒවායි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නව නිර්මාණ වාණිජමය කිරිමට අවශ්‍ය පාර්ශව අද සම්බන්ධ කිරිමෙන් අග්‍රඵලය නෙලාගත් බවත් ඉදිරියේදි සියලුම බාධා මගහරිමින් නව නිපැයුම් වාණිජ කරණය කිරිමට කටයුතු කරන බවටත් අදහස් දැක්වීය. එසේම එහිදී අදහස් දැක් වූ අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ වසරකට කෝටි 3000 පමණ වෛද්‍ය උපකරණ මිලදි ගැනිම සඳහා මුදල් වැය වන අතර ඒ අතරින් කොටසක් මෙවැනි සාර්ථක නව නිර්මාණ මිලදි ගැනිමට යොදාගත හැකිනම් එය ඵලදායි බවයි. තවද මෙම නව නිර්මාණ අතර පේටන්ට් ලබා ඇති නව නිර්මාණ ත්‍රිත්වයම අදාළ නිර්දේශ මත කඩිනමින් රජයේ මිලදි ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය. ඒසේම මෙම අවස්ථාවට සහභාගී වූ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් විසින් මෙම නව නිපැයුම් සඳහා ආයෝජනය කිරිමට කැමැත්ත පල කරන ලදි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස් සිරිමුතු මහතා, මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය, එන්.බී දොලවත්ත මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, නිර්වින්දන වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතන නිළධාරින් ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page