top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වැඩි වෙන සංචාරක පැමිණීමට ගුවන්තොටුපල පහසුකම් සළසා මගී තදබදය අවම කිරීමට කඩිනමින් පියවර ගන්නැයි උපදෙස්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 18, 2022
  • 1 min read

ree

ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන සංචාරක පැමිණීමට සරිලන සේ ගුවන්තොටුපල පහසුකම් සළසා මගී තදබදය අවම කිරීමට කඩිනමින් පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (16) ගුවන්තොටුපල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊයේ (17) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. මසකට සංචාරකයින් ලක්ෂයක ප්‍රමාණයක් මෙරටට පැමිණෙන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතා ඉක්මනින් මාසිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දෙලක්ෂය කට ආසන්න විය හැකි බවද සඳහන් කළේය. පෙබරවාරි මාසයේ මුල් දින 15 තුළ පමණක් සංචාරකයින් පනස් දහසක් මෙරටට පැමිණ ඇති බවත් දෛනික සංචාරකයින් සංඛ්‍යාව පන් දහස ඉක්මවා යාමට ආසන්න බවත් ගුවන්තොටුපල වාර්තා මගින් පැහැදිලි වන බව ද අමාත්‍යවරයා කීවේය. මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඇස ගැටෙන පළමු ස්ථානය කටුනායක ගුවන් තොටුපොළ වන නිසා ගුවන් තොටුපොළ පරිශ්‍රය පහසුකම්වලින් සපිරි ඇසට ප්‍රිය සුන්දර ස්ථානයක් විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සංචාරකයින්ට අදාළ ආගමන විගමන කටයුතු සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අදාල කටයුතු ඉතා කෙටි කාලයක් තුළ ඉටුකර ගැනීමටත්, හැකි ඉක්මනින් සිය ගමනාන්තයට ළඟා වීමටත් අවශ්‍ය ලෙස කාලය කළමනාකරණය කර ගැනීමට සහාය දැක්වීම ගුවන්තොටුපල කාර්‍ය මණ්ඩලයෙ වගකීමක් බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කෙරුණු මුල් වකවානුවේ තනි පුද්ගලයින් වශයෙන් හෝ පවුල් වශයෙන් සංචාරක පැමිණීමක් දක්නට ලැබිණි. මේ වන විට එම තත්ත්වය වෙනස්වෙමින් සංචාරකයින් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවය ඉහළ යමින් ඇත. මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන හෙයින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිනෙන පසුබිමක් නිර්මාණය කිරීම සදහා සුහදශීලි සේවාවක් මෙන්ම කඩිනම් සේවාවක් සැලසීම සියලු දෙනාගේ වගකීමක් යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේය. මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතා ඇතුළු ගුවන් තොටුපල බලධාරින් රැසක් එක්ව සිටියහ

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page