top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වික්ටෝරියා ජලාශයේ වේල්ල අසළ පිටාර මට්ටමේ පවත්වාගෙන ගිය හුණුගල් කොරි ඉවත් කෙරේ.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

වික්ටෝරියා ජලාශයේ වේල්ල අසළ පිටාර මට්ටමේ පවත්වාගෙන ගිය හුණුගල් කොරි ඉවත් කෙරේ.

පසුගිය කාලය තුළ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් සුළු භූ චලන රැසක් වාර්තා වු අතර මේ සම්බන්ධව අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුව විසින් වික්ටෝරියා ජලාශයේ හා එහි ආරක්ෂාව සඳහා වහාම ගත යුතු පියවර කිහිපයක් දක්වා තිබිනි.

ඒ අනුව එම වාර්තාව මගින් පෙන්වා දී තිබු පරිදි වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන තත්ත්වයන්ට එම ප්‍රදේශයේ පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු බිද වැටීම් හේතුවක් වන බව සඳහන් විය. මෙම ප්‍රදේශයේ හුණුගල් කැණීම් වැඩ පොළවල් කිහිපයක් පැවැතිනි. එම කැණීම් ස්ථාන මගින් සිදු කරන පිපිරවීම් නිසා ඇතිවන කම්පන ද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටීම්වලට හේතුවන බව වාර්තාව පෙන්වා දුන්නේය.

එමනිසා වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමෙන් මීටර් 100ක ප්‍රදේශය තුළ පිහිටා තිබු සියලු හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත යුතු යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ මීටර් 100ක් තුළ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක් හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල මේ වනවිට කැණීම් බලපත්‍ර තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගත් බව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට පැවසීය.

ඉන්පසු නැවත වෙනත් පිරිස් වෙත බලපත්‍ර නිකුත් කර ඇත්දැයි අමාත්‍යාංශයේ ලේකම්වරයා විමසු අතර වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමේ සිට මීටර් 100ක් ඇතුළත යළි කිසිදු පුද්ගලයෙකුට කැණීම් බලපත් ලබා දී හෝ එම සීමාව තුළ වෙනත් කැණීම් ස්ථාන නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා තහවුරු කළේය. කෙසේ වුවද මෙම කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපතිවරයාට උපදෙස් දුන්නේය. ඊයේ පස්වරුවේ (23) භූකම්පන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මාධ්‍ය ඒකකය පරිසර අමාත්‍යාංශය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page