top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලිබියාවේ රැකියා මෙරට පුහුණු ශ්‍රමිකයන්ට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ( 11) මුණ ගැසුනේය.

ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්වී ඇති අතර රටතුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්‍රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා එරට රැකියා අවස්ථාවන් ලබාගත හැකි බවයි. මෙහිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ප්‍රකාශකරන ලද්දේ ඉතා කඩිනමින් අවශ්‍ය සාකච්ඦා පවත්වා මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලිබියාවේ රැකියා සදහා යොමු කිරිමට අවස්ථාව ලබා දිම සම්බන්ධයෙන් එසාම් ඩ්‍රයාග් මහතාට මහින්ද හතුරුසිංහ මහතා සිය ස්තූතිය ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙනිය යන මහත්වරුන් ඇතුළු උසස් නිධාරීන් එක්වි සිටියේය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page