top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 1 min read

ree

කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිතුමා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය. ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 07කින් ගෑස් රැගෙන එයි. බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරේ. අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු කරන බව සමාගම පවසයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ. ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි. ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය. ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලීය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page