top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලිට්‍රෝ ගෑස් තොගය දින 02 කින් අවසන්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 10, 2022
  • 1 min read

ree

ලිට්‍රෝ ගෑස් සමාගම සතු ගෑස් තොග අවසන් වී තිබෙනවා. දිවයින ආසන්නයට පැමිණ තිබූ ගෑස් රැගත් නෞකාවකට අදාළ මුදල් ගෙවීමෙන් පසු ඉකුත් අගහරුවාදා එම නෞකාවේ තිබූ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600 ක් ගොඩබානු ලැබුවා. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1,100 ක් පමණ වන අතර ඒ අනුව එම ගෑස් තොගය ප්‍රමාණවත් වූයේ දින තුනකට පමණයි.

කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 යන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් පෙරේදා දිනයේදී වෙළදපොලට මුදාහැර තිබෙනවා.

ඊයේ දිනයේදී තවත් සිලින්ඩර් 95,000 ක් වෙළදපොලට නිකුත් කළ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

ඒ අනුව අද දිනයේදී වාණිජ කටයුතු සදහා තොග වශයෙන් ගෑස් ලබාදීම සහ කර්මාන්ත සදහා කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර් පමණක් වෙළදපොලට මුදාහැරෙනු ඇති.

ඒ අනුව නැවත වරක් අද දිනයේ සිට වෙළදපොලේ ගෑස් හිගයක් මතුවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. දිවයිනට ආසන්නයට ගෑස් තොග රැගත් නෞකා දෙකක් පැමිණ තිබුණද පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම නෞකාවලින් රැගෙන ආ ගෑස් තොග මෙතෙක් මෙරටට ලබාගැනීමට හැකියාව ලැබී නැහැ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page