ලංගම ඩිපෝ සඳහා ඉන්ධන පිරවුම් හල්..
- helloplanetaviss
- Jan 14, 2022
- 1 min read

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුදුසුකම් ලද ඩිපෝ සඳහා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබා දීමේ වැඩසටහනේ සමාරම්භය ( 13) දින බලශක්ති අමාත්‍යංශයේ දී සිදු විය.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මාවනැල්ල සහ ඇඹිලිපිටිය ඩිපෝ සඳහා වන බලපත්‍ර මෙහිදී බලශක්ති අමාත්‍යවරයා විසින් වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත ප්‍රදානය කරන ලදී. මෙම ඉන්ධන පිරවුම්හල් වලින් ලංගම බස් රථ වලට අමතරව මාර්ගයේ ධාවනය වන වෙනත් ඕනෑම රථ වාහනයක් සඳහා ද ඉන්ධන ලබාදීමේ හැකියාව ඇත. ලංගම ලබන දැවැන්ත පාඩුව යම් දුරකට සමනය කරගැනීම මෙම ව්‍යපෘතියේ අරමුණයි. මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වෙළඳ) ක්‍රිෂාන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ද එක් විය
Comments