top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලෝකයට පණිවුඩ බෙදන ට්විටර් සේවකයින් සියයට 75 ක් රැකියා අවධානමක

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 21, 2022
  • 1 min read

ree

ලෝකප්‍රකට සමාජ මාධ්‍ය මෙන්ම තොරතුරු හුවමාරු ජාලයක් ද වන ට්විටර් සමාගමේ සේවයින්ගෙන් සියයට 75 ක් ඉවත් කිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු මාධ්‍ය අද වාර්තා කළා.


ඒ, ලොව අංක එකේ ධනපතියා වන එලෝන් මස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගණුදෙණුවේ එක් කොටසක් ලෙසයි.


මෙම ගණුදෙණුවට පෙර ට්විටර් ශ්‍රම බලකායෙන් 4 න් එකක් කපා හැරීමට සැලසුම් කර ඇති අතර ඉන් ඩොලර් මිලියන 800 ක් ඉතිරි කර ගැනීම අරමුණ වනවා.


වියදම් අඩු කිරීම සඳහා දැඩි තීරණ ගන්නා බවට එලෝන් මස්ක් විසින් ආයෝජකයින්ට පවසා ඇති බවද සඳහන්.


ට්විටර් සමාගමේ මේ වන විට සේවය කරන පිරිස 7,500 කට ආසන්නයි.


2006 වසරේ නිර්මාණය කළ ට්විටර් මේ වන විට ලොව වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවි 10 අතරට ඇතුලත්ව තිබෙනවා.


මිලියන සියයකට අධික පිරිසක් දෛනිකව එය භාවිත කරන අතර එමඟින් හුවමාරු වන පණිවුඩ සංඛ්‍යාව මිලියන 340 කට අධිකයි.


ට්විටර් සමාගම සතු මාසික ක්‍රියාකාරී සාමාජිකයින් ගණන මිලියන 330 කට අධික වනවා.


මෙතරම් ලෝක ප්‍රකට ට්විටර් සමාගම, ලොව අංක එකේ ධනපතියා විසින් මිලදී ගැනීමට සැලසුම් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 44 කටයි.


එම ගණුදෙණුව බොහෝදුරට ලබන සතියේ සිදුවනු ඇති බව ද සඳහන්.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page