top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“ලෝකයේ අධ්‍යාපනය දිනෙන් දින වෙනස් වෙනවා- ඒ වෙනුවෙන් අපි සුදානම් විය යුතුයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 21, 2022
  • 1 min read

ree

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් සෛවප්‍රගාස විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් සහිත ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සෛවප්‍රගාස විද්‍යාලයේදී (17) පැවැත්වුණි.

ගුරුවරුන් 16 දෙනෙකුගෙන් හා ළමුන් 68 දෙනෙකුගෙන් සමන්විත විදුහලට ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ෆොන්ටෙරා ආයතනය විසින් ලබා දුන් ලැප්ටොප් පරිගණකය පරිත්‍යාග කෙරිණි. අප රටේ අධ්‍යාපන විෂමතාවය නැති කිරීම සඳහා සැවොම එක්ව කටයුතු කල යුතු බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. “ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් නුපුහුණු ගුරුවරුන්. උතුරු පළාතේ පමණක් ප්‍රාථමික නුපුහුණු ගුරුවරුන් 53% ක්. මේ විෂමතාවය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණයක් අවශ්‍ය වන්නේ නැහැ. මම අධ්‍යාපන ඇමතිතුමා වෙලා ඉන්න කාලේ උතුරු පළාතේ අධ්‍යාපනය ගැන සොයා බැලුවා.එතකොට තමයි දැනගත්තේ උතුරු පළාතටම තියෙන්නේ ජාතික පාසල් 22ක් කියලා. කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩ සටහන යටතේ උතුරු පළාතේ ජාතික පාසල් සංඛ්‍යාව 76 දක්වා ඉහල යනවා.” ශ්‍රී ලංකාවේ පාසල් 10142 ක් තියෙනවා. මේ සෑම පාසලකටම අන්තර්ජාල පහසුකම් ලබා දීමට ආණ්ඩුවක් විදියට කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන්කරල තියෙන්නේ. මේක අධ්‍යාපනයේ දැවැන්ත පෙරෙළියක් බවට පත්වෙයි. නුදුරු අනාගතයේ දවසක් ඒවි මේ දූ පුතුන්ගේ අධ්‍යාපනය අන්තර්ජාලය මත රැඳෙන. ඒ නිසා ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපේ පරම වගකීමක් බව අලහප්පෙරුම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති, සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා , යාපනය දිස්ත්‍රික් ලේකම් / දිසාපති ක.මහේෂන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ප්‍රදීපන් මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, පාසලේ විදුහල්පතිනි අගිලාන් දේශ්වරී මහත්මිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page