top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 1, 2021
  • 2 min read

ree

ඔක්තෝබර් 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සහ පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ''සියල්ලටම පෙර දරුවන් ''යන්න මෙවර ලෝක ළමා දින තේමාවයි. මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී සිට සැමරීමට කටයුතු සැළසුම් කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන් එක් රැස් කිරීමක් සිදු නොවන අතර සීමිත දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. රූපවාහිනී නාලිකාවන්හි විකාශය වන මෙම වැඩසටහන නැරඹීමට තම දරුවන් යොමු කරවන මෙන් අමාත්‍යවරයා මෙහිදී දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය. අධ්‍යාපනය අහිමි වීම, ගෝලිය වසංගත තත්වය සහ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩාවට පත්ව , නිවසටම හිර වී සිටිමින් මෙවර ළමා දිනය සමරන ළමුන් සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම කොවිඩි වසංගතය හේතුවෙන් වසර 02ක් තම පෙර පාසල් අධ්‍යපනය අහිමි වූ දරුවන්ට විශාල පාඩුවක් සිදු වී තිබේ. ඔවුන් ලබන වසරේ පළමු වසරට ඇතුල් වනේනේ පෙර පාසල් අධ්‍යාපනය නොලැබූ දරුවන් වශයෙනි. ඒ් අනුව ඒම පෙර පාසල් දරුවන් සඳහාම වූ විශේෂ නාලිකාවක් හෙට දිනයේදී ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.ඒම නාලිකාව හරහා පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුම්වත් කිරීමටද ඉදිරියේදී කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව දිවයින පුරා තිබෙන, ළමා නිවාස 379ක සිටින දරුවන් වෙනුවෙන් පරිගණක මධ්‍යස්ථාන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පියල් නිශාන්ත අමාත්‍යවරයා පැවසුවේ , පෙර පාසල් ළමුන් සහ ගුරුවරුන් වෙනුවෙන්ද වැඩසටහන් රැසක් අමාත්‍යංශය හරහා සිදු කර ඇති බවයි. පෙර පාසල් ගුරුවරුන් සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යත්ව 1500ක් හෙට දිනයේදී පිරිනැමීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව දෙමව්පියන් විදේශ ගතව සිටින දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන්ද විශේෂ අවධානය යොමු කර ඇති බවද , විවිධ අපයෝජනයන්ට ලක්වන දරුවන් වෙනුවෙන් අවධානයෙන් පසුවීමට ඒක් ඒක් ප්‍රාදේශීය සභා මට්ටමින් නියෝජිත කමිටු පත් කිරීමට කටයුතු කරන බවද කීය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page