top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලෝක ළමා දින පණිවුඩය- රජය ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටිමු...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 1, 2021
  • 2 min read

ree

ලෝක ළමා දින පණිවුඩය- රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටිමු

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි. වැඩිහිටියන්ට එම යුතුකම මතක්කර දෙමින් සැමරෙන “ලෝක ළමා දින” සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි. ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි. එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දරය. ඒ මිහිර ඔවුන්ට බාධාවකින් තොරව හිමිකර දීම වැඩිහිටියන් සතු වගකීමකි. මේ බව තේරුම් ගනිමින් රජයක් ලෙස අපි හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටිමු. ගුණ නැණ බෙලෙන් යුතු දරු පරපුරක් අනාගතයේ අඳුරු දුරලනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ද අපි ඊට ප්‍රතිඥා දී ඇත්තෙමු. ඒ අනුව පසුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම අප ලැබු ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව අන් රටවල මෙන්ම අපේ රටේ දරුවන්ගේ ළමා කාලය අතිශය සංකීර්ණ වී තිබේ. නිදහසේ දුව පැන යෑමේ නිදහස අහිමිව නිවෙස්වලට කොටුවීම දරුවන්ට පීඩාවක් ගෙන දෙන බව නොරහසකි. ඒ නිසා ගෝලීය වසංගතයක් පවතින මෙවන් කාලයක දරුවන්ව නිවසේ දී මානසික පීඩාවන්ට ලක්නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන්නැයි දෙමාපිය වැඩිහිටියන්ගෙන් මා ඉල්ලා සිටිමි. දරුවන් සඳහා අවශ්‍ය කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් එය කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සළසා තිබීම ප්‍රශංසනීය වේ. “සියල්ලට පෙර දරුවන්” තේමාවෙන් ශ්‍රී ලංකාව මෙවර අර්ථවත්ව සමරන ලෝක ළමා දින අභිමතාර්ථ සාර්ථක කර ගැනීම උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටිමි. අපි දරුවන්ගේ ලෝකය ලස්සන කරමු. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page