top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ලෝක මිල අඩුවුනත් ලංකාවේ ඉන්ධන මිල අඩු නොවෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 17, 2022
  • 1 min read

ree

ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොවන බව බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව පෙර මිල සංශෝධනයට අනුව ප්‍රකාශයට පත් කෙරුණු ඉන්ධන මිල ගණන් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය වන බවයි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය නොවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශය ද මේ දක්වා කිසිඳු පැහැදිළි කිරීමක් සිදුකර නැහැ.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් පහළ ගොස් ඇති පසුබිමක මෙරට ඉන්ධන මිල සංශෝධනය නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා.


ලෝක වෙළඳපලේ බොර තෙල් මිල ගණන් අද දිනයේ ද පහළ ගොස් තිබුණා. අමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 88 යි ශත 89 ක් ලෙසයි. බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 94 යි ශත 31 කට අද අලෙවි වුණා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page