top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රන්ජන් රාමනායක සමාව ගැනීමට සැරසෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 11, 2022
  • 1 min read

ree


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ව ඉදිරිපත් කර තිබෙන දෙවන අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ලබන 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.


මෙම පැමිණිල්ල අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි කැඳවනු ලැබුවේ.


එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය වෙත කොන්දේසි විරහිතව සිය කනගාටුව පළ කිරීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.


එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නො තිබූ බව සිය සේවාදායකයා විසින් ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.


මේ සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නා.


මෙහි දී ජනාධිපති නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රඟපෑ ද්විත්ව චරිතයක් සහිත චිත්‍රපටයක මංගල දර්ශනය ලබන 24 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන බවත් ඊට තම සේවාදායකයා සහභාගී කරවන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.


ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා වගඋත්තරකරු සිර දඬුවම් නියම වී සිටින්නේ, මෙම නඩුවට නො වන බව සඳහන් කළා.


එබැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර නීතීන්ට අනුව කටයුතු කිරීමට වගඋත්තරකරුට සිදු වන බවත් පෙන්වා දුන්නා.


2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page