top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රත්නපුර සහ ඇහැලියගොඩ නගර වඩාත් විධිමත් ලෙස සංවර්ධනය කිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 21, 2022
  • 3 min read

ree

දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින සහ සැලසුම් කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කර එහි ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

දැනට රටපුරා ක්‍රියාත්මක වන නගර සංවර්ධන වැඩසටහන් කඩිනම් කර එම කටයුතුවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම උපදෙස් ලබා දී ඇත. ඒ අනුව විෂය භාර ඇමතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමන් ලබාදුන් උපදෙස් අනුව දැනට සංවර්ධන කටයුතු අරඹා තිබෙන රත්නපුර සහ ඇහැලියගොඩ නගර දෙකෙහි සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරනු ලබයි. රත්නපුර සහ ඇහැලියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය විමසා බැලෙන සාකච්ඡාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. නගරයේ දැනට පවතින ඉඩකඩ ඇහිරීම නිසා වන සියලු අවහිරතා ඉවත් කිරීම රත්නපුර සහ ඇහැලියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ සිදු කිරීමට නියමිතයි. එසේම නගරය තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන සහ උප වෙළඳ කටයුතුවල ඉදිරි දියුණුවක් ඇතිවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි. එම සැලසුමට අනුව නගරය තුළ ඇති අක්‍රමවත් මාර්ග, පදික මංමාවත්, අපිළිවෙලට පිහිටා ඇති ප්‍රධාන පොදු සේවා සපයන ස්ථාන වඩාත් සුදුසු ස්ථානවලට ගෙනයාම, එම ස්ථානවල පැවති තත්ත්වයට වඩා උසස් සේවාවක් ලබා දීම සිදු කිරීමට ද නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සැලසුම් කර තිබේ. මේ යටතේ නගර මධ්‍යයට සම්බන්ධ වන මාර්ග සියල්ල ද පුළුල් කිරීම සිදු කෙරෙන අතර මෙතෙක් නඩත්තු නොකර සිටීම මත අබලන් තත්ත්වයට පත්ව ඇති එම මාර්ග සහ මංසන්ධි නියමිත පරිදි ක්‍රමවත්ව සකස් කිරීමට ද නියමිතය. මෙම සියලු සියළු සංවර්ධන කටයුතු නගරයේ මෙතෙක් පැවති රටාව නොබිඳමින් සහ නගරයට පැමිණෙන ජනතාවට කිසිදු ආකාරයකට අපහසුතාවයකට ලක් නොවන ආකාරයකට ද සිදු කිරීම මෙම සංවර්ධනවල ව්‍යාපෘතිවල මූලික අරමුණ වී තිබේ. මේ යටතේම නගරය තුළ දැනට ව්‍යාප්ත වී තිබෙන ආර්ථික හා වෙළෙඳ කටයුතුවලට අදාළ ප්‍රදේශ එම කටයුතුවලට අදාළ පැහැයෙන් වර්ණ ගැන්වීමටත්, එම ප්‍රදේශ එම පාට මල් පැලවලින් අලංකාර කිරීමත් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත. උදාහරණයක් ලෙස මැණික් කර්මාන්තයට අදාළ වෙළඳ කටයතු සිදුවන නගරය තුළ පිහිටි ප්‍රදේශ නීල වර්ණයෙන් වර්ණ ගැන්වීමට යෝජනා වී තිබේ. ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් බණ්ඩාර, රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ සුගත් වීරසිංහ මහත්ම මහත්මීහු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වූහ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නාගරික සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුකෙරේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page