top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රටේ සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණයට විද්වත් වෘත්තිකයින්ගේ සහය අත්‍යවශ්‍යයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 3, 2022
  • 1 min read

ree

රටේ සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණය සඳහා විද්වත් වෘත්තිකයින්ගේ සහය අත්‍යවශ්‍ය බවත්, ඉදිරියටත් විද්වත් වෘත්තිකයින්ගේ සහයෝගය රටේ සංවර්ධනය සඳහා රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPA) නව නිලධාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී (02) පස්වරුවේ හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ නව නිලධාරී මණ්ඩලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම ද මෙහිදී සිදු කෙරිණ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළුව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) වෘත්තීන් තිස් දෙකක් නියෝජනය කරමින් වෘත්තීය සංගම් 52ක් එකතුව ඇති බවත්, රජය ගෙනයන වැඩ පිළිවෙළට රජය සහ අදාළ අමාත්‍යාංශ සමඟ එකතුව වෘත්තීයවේදීන්ගේ සහය ස්වේච්ඡාවෙන් ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකා විද්වත් වෘත්තීකයින්ගේ සංගම් සංවිධානයේ සභාපති දුලිත් පෙරේරා මහතා මෙහි දී පැවසීය. අමාත්‍යාංශ සහ අදාළ අමාත්‍යවරුන් සමඟ සම්බන්ධව රටේ ආර්ථිකය සහ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍යතුමා, වෘත්තීයවේදීන් ලෙස රට වෙනුවෙන් සහයෝගය ලබාදීම අගය කළේය. රටේ ඉදිරි ගමන වෙනුවෙන් රජයක් ලෙස දිය හැකි සහයෝගය විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය වෙත ලබා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍යතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා හේරත්, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ සභාපති දුලිත් පෙරේරා, රුචිරා ගුණසේකර, උපාලි ජයවර්ධන, බන්දුල පත්මසිරි, ශාන්ත සෙනරත්, එච්.පී.ආර්.කේ. රූපසිංහ මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගී වූහ

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page