top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රට යළි වැහුවොත් ගොඩඒමක් නෑ - ඇමති ප්‍රසන්න රණතුංග....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 2 min read

ree

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය බවත් රට යළි වසා දැමීමකින් තොරව පවත්වාගෙන යා හැකි වුවහොත් ඉදිරි මාස කීපය තුළ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් පවතින අර්බුදය තවත් උග්‍ර අතට පත්විය හැකි බවයි. මැටි, වේවැල්, පිත්තල හා ලීබඩු ප්‍රවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ රාජ්‍ය අමාත්‍යාංශය මගින් මිනුවන්ගොඩ ආසනයේ 90 දෙනෙකුට රුපියල් ලක්ෂ 71ක් වටිනා ස්වයං රැකියා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. උත්සවය පසුගිය සිකුරාදා (28) උඩුගම්පොළ දී පැවැත්විණ. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය; අද අපේ රට මුහුණ දීලා තියෙන අර්බුද රැසකට හේතුව ඩොලර් නොමැතිවීම. තෙල්, විදුලිබල, ගෑස් වගේ ප්‍රශ්න වල ඇත්ත හේතුව ඒකයි. කොවිඩ් වසංගතය පාලනය කරන්න ආණ්ඩුවට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වුණා. කොවිඩ් වසංගතය පාලනයට එන්නත්කරණයට ප්‍රමුඛතාව දුන්නා. අපේ රටේ විතරක් නෙමෙයි. මේ ආර්ථික අර්බුදය ලෝකයටම පොදුයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් පවා මේ කොරෝනා වසංගතය හමුවේ හෙල්ලුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් මේ රටත්, ජනතාවත්, බේරගත්තා වගේ ගෝඨාභය ජනාධිපතිතුමා කොරෝනා වලින් රටත්, ජනතාවත් බේරගත්තා. ආණ්ඩුව එන්නත්කරණය පටන් ගත්තම විපක්ෂය මොන තරම් මඩ ගැහුවද? අද ඔය ආර්ථික කඩාවැටිම ගැන කිඹුල් කදුළු හෙළන විපක්ෂය එදා එන්නත්කරණය විවේචනය කළා. අපේ රටේ මිනිස්සු පරික්ෂණාගාරවල මියෝ බවට පත් කරලා කියලා චෝදනා කළා. දැනටත් රටේ එන්නත්කරණය සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරන්නේ ඔය විපක්ෂයට සම්බන්ධ උදවිය. ඔවුන්ට ඕනෑ වසංගතයට මුවා වෙලා රටේ බලය අල්ලන්න. කොවිඩ් වැඩිවෙලා රට වහන්න වෙනවාට ඒ අය හරි කැමතියි. ඒ නිසා තමයි ඔය බූස්ටර් එන්නත ගැන බොරු මත රට තුල පතුරවන්නේ. රට නැවත වැහුවොත් මේ පවතින අර්බුදවලින් ගොඩඒමක් නෑ. මේකට එකම විසදුම බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මේ නිසා අපි දැන් බූස්ටර් එන්නත ලබා දීම කඩිනම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සතියක් ප්‍රකාශයටත් පත් කළා. ඒ නිසා බුස්ටර් එන්නත සම්බන්ධයෙන් පැතිර යන බොරු ප්‍රචාර වලට නොරැවටී එම එන්නත ලබා ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. කොවිඩ් නිසා වැටුණු රට යලි යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. රට වැහුවොත් එය ආපහු නතර වෙනවා. එතකොට නැවතත් සංචාරක ව්‍යාපාරය, අපනයන කර්මාන්තය බිද වැටෙන්න පුළුවන්. ඒ නිසා විපක්ෂයේ බොරු, අවලාද, මඩ ප්‍රචාර වලට නොරැවටි ඔවුන්ගේ උප්පරවැට්ටි වලට හසු නොවී රජයට ඔබේ සහාය දෙන්න. මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු කඩ කරන ආණ්ඩුවක් නෙමෙයි. ජනතාවට අප ලබාදුන් සියලු පොරොන්දු ඉදිරියේ දි අපි ඉටු කරනවා. මේ රටේ දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය පහුගිය රජය විසින් විනාශ කළා. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නැවත දේශිය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. දේශීය ව්‍යවසායකයන් දිරිගැන්විම සදහා ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදෙන්නේ ඒ අනුවයි. අපි ගෙදර අතුගාන කොස්සත් චීනයෙන් ගෙන්නපු ජාතියක්. අපේ ගෙවල්වල තියෙන භාණ්ඩ වලින් කියෙන් කීය ද‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘. අපි රටේ නැවත ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ පුනරුදයක් ඇතිකළ යුතුයි. ඒ සදහා රජය දැඩි අවධානයකින් කටයුතු කරගෙන යනවා. ඒ අනුවයි මේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළේ. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභා සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරු මෙහි දි කතා කළහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page