top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රටේ තෙල් සංචිත ගැන ජනතාවට දැනුම්දීමක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 1, 2022
  • 1 min read


ree

රට පුරා ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් බෙදා හැරීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, ඩොලර් නොමැතිව දින කිහිපයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ පෙට්‍රල් නැවෙන් ලබාගත් ඉන්ධන ගොඩබා අවසන් කිරීමත් සමඟයි.

පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 38,400 ක් එම නෞකාවෙන් මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව රට තුළ ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් තොග මේ වන විට පවතින බවයි ලංකා ඛණිජ තෙල් නී්තිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් නෞකාවේ පැමිණීම මේ වන විට ප්‍රමාදවී තිබෙනවා. ලංකා ඛණිජ තෙල් නී්තිගත සංස්ථා ආරංචි මාර්ගවලට අනුව ඊයේ දිනයේ සිට මෙරට ඩීසල් සංචිත පැවතුණේ දින 07 ක් සඳහා පමණයි. එහෙත් විදුලි උත්පාදනයට ද වැඩි වශයෙන් ඩීසල් භාවිත කිරීම හේතුවෙන් මෙරට සංචිතය පවත්වාගෙනයාම සඳහා ඊයේ දිනයේ පැමිණිය යුතුව තිබූ නෞකාවේ ඩීසල් අත්‍යවශ්‍ය වී තිබුණා.

මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,500 ක් මෙරටට රැගෙන ඒමටයි නියමිතව තිබුණේ. එම නෞකාව මෙරටට ළගාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

පවතින අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෙලෙස අදහස් පළ කළා.

ඩොලර් සැපයීමේ අර්බුදය සහ පැමිණ ඇති නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.


මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසන්නේ සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දිවයින තුළ තිබෙන බවයි. එම නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි ඛනිජ තෙල් නිතිගත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පිරිපහදුවේ දෛනිකව නිපදවෙන පෙට්‍රල් - ඩීසල් ද දෛනික ඉන්ධන සැපයුමට එකතු කර තිබෙනවා.


මේ අතර හෙට දිනයේදී ඩීසල් නැවක් දිවයිනට පැමිණීමට ද නියමිතයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page