top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රටේ ජනතාවගේ ජන විඥානයට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දෙනවා - අධිකරණ අමාත්‍ය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 18, 2023
  • 1 min read

ree

රටේ ජනතාවගේ ජන විඥානයට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


පළාත් පාලන මැතිවරණය සහ මහා මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටට අවංකව සේවය කිරීමට කැමති වෘත්තිකයින් සහ බුද්ධිමතුන් සිටින බවත් ඔවුන්ට ඉදිරියට ඒමට හැකි වන නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ මෙරට ජනතාව බලාපොරොත්තු වන බවද හෙතෙම කීය. එම නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙමින් පාර්ලිමේන්තුව එම වගකීම ඉටු කරන බව අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, සත්භාවය පිළිබඳව වගකීම මම ගන්නවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මම. මෙහි වගකීම මම භාර ගන්නවා. 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත, මැතිවරණ වියදම් නියාමන පනත වගේම දූෂණ විරෝධී පනත ගෙන එන විටත් මෙම සත් භාවය පිළිබඳ තර්ක කළත් එම පනත් තුනම මේ වන විට අනුමත කර තිබෙනවා. මෙතෙක් ගෙනා හැම පනතකට මෙම අභියෝගය ආවා.

අපි කියනවා දූෂණය නතර කර මෙවැනි මැතිවරණ ක්‍රමයක් ගේන්න ඕන කියලා.අපි මෙය පාර්ලිමේන්තුවට ගේනවා. මේ රටේ ජනතාව දන්නවා මේ රටට අවශ්‍ය ඡන්ද ක්‍රමය කුමක්ද කියලා? පාර්ලිමේන්තුව එම වගකීම ඉටු කරන තුරු ජනතාව බලා සිටිනවා. මේ රටේ සල්ලි තිබෙන මිනිස්සුන්ට වරප්‍රසාද වැඩියි. උගතුන්ට බුද්ධිමතුන්ට ඉදිරියට එන්න අවස්ථාව අඩුයි කියලා ජනතාව කතා කරනවා. වෘත්තියෙක්, බුද්ධිමතෙක් රටට සේවය කරන්න ඉදිරිපත් වුවත් ඒ සඳහා අවස්ථාව නැහැ. හිටපු හැම ආණ්ඩුවක්ම බලයට ආවේ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියලා පොරොන්දු වෙලා. අපි මෙය සියළු දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරනවා. මෙම සාකච්ඡාව ඕනෑම කෙනෙකුට විවෘතයි. හැමෝම කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එක ගැනනේ. නමුත් චේන්ජ් එක එද්දි එයට පයින් ගහනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page