top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රටේ ආර්ථිකයට ක්‍රීඩාවෙන් දායකත්වයක් ලබා දීය හැකි වැඩසටහන් රැසක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 22, 2022
  • 3 min read

ree

සංචාරක කර්මාන්තය හා ක්‍රිඩාව අතර සම්බන්ධයක් ඇති කරමින් රටේ ආර්ථිකයට ක්‍රීඩාවෙන් දායකත්වයක් ලබා දීය හැකි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ, ක්‍රීඩා සංස්කෘකිය,ජාත්‍යන්තර පදක්කම් සහ ක්‍රීඩාවේ හෙට දවස යන මැයෙන් (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුවේ දී පැවති සාකච්ඡාවකදීය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මදිහත්වීමේන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හැටියට ක්‍රීඩාවේ සංවර්ධනයට සියලුම මහජනතාවෙගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉදිරියට ගෙන ඒමට පසුගිය වසර දෙකේ වැඩසහන් ක්‍රියාත්මක කළ බවත් ජතික ක්‍රීඩා සභාවේ නිර්දේශයන්ට අනුව ජතික අයවැයෙන් ක්‍රීඩාව සඳහා වෙන්කළ මුදලින් ක්‍රීඩා සංවර්ධනයට ගනු ලැබූ 6% ක මුදල 35% ක් දක්වා වැඩි කළ බවත් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් සංවර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටක්,පවුලක් පුරවැසියක් විය යුතයි යන්න සඳහන් කළ ඇති බවත් එවැනි පුරවැසියෙක් වීමට නම් සෞඛ්‍ය සම්පන්න වියයුතු බවත් සෞඛ්‍යසම්පන්නභාවය ඇති කිරීමට නම් අප රටේ ක්‍රීඩා සංස්කෘකියක් ක්‍රීඩාවට ඇල්මක් ඇතිකළ යුතු බවත් පෙන්වා දුන්නේය. ක්‍රීඩාවට යොමුවී ඇති දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මෙන්ම ක්‍රීඩාවට යොමුවන දරුවන්ට ක්‍රීඩාවෙන් ලබා ගන්නා ජයග්‍රහනවලට ප්‍රතිලාභ ලබා දීමටත් හා ඔවුනට උසස් අධ්‍යාපනයට යොමු වීමේ අවස්ථා ලබා දීම මෙන්ම ඔවුන් වෘත්තිකයන් කිරීමේ වැඩසටහන් ගනනාවක් පසුගිය වසර 2තුළ ක්‍රියාත්මක වූ බව පැවසු අමල් එදිරිසූරිය මහතා, මෙයට හොඳම නිදසුන පසුගිය ටොකියෝ හි පැවති පැරා ඔලිම්පික් තරඟාවලියේදී දිනේෂ් ප්‍රියන්ත ක්‍රිඩකයා ලබා ගත් රන්පදක්කම වෙන්වෙන් කෝටි 07කට අධික මුදලක් සහ නිවසක් වැනි දේ පරිත්‍යාග කිරීම බවත් පෙන්වා දුන් අතර එයින් ක්‍රිඩාවට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරීසක් එකතුවීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තිබෙන බවද කීය. අපට දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් නොතිබුණු නිසා 2000න් පසු අපට ඔලිම්පික් පදක්කමක් මේ දක්වා ගෙන ඒමට නොහැකි වු බව කී අධ්‍යක්ෂ ජනරල්වරයා, අප මේ වන විට 2024 , 2028 සහ 2032 වර්ෂවල පැවත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලි සඳහා කනිෂ්ඨ සංචිතයක් හඳුනාගෙන තිබෙන බවත් මෙම හඳුනා ගැනීම් විවිධ ක්‍රම භාවිතා කර කළ බවද පැවසීය. එසේම උසස් දක්ෂතා ඇතැයි මේවන විට හඳුනාගෙන සිටින ක්‍රීඩක ක්‍රීඩිනකාවන් තව වසර කිහිපයකින් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් ඒ හිඩැස පිරවීමට අප දෙවැනි පෙළක් සහ පසුපෙළක් නිර්මාණය කිරීම වැරදගත් බව ද කීය. ජයග්‍රාහි මානසිකත්වය ඇති ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඇති කිරීමට ගම් මට්ටමින් දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන් ද අප මේවන විට ක්‍රියාත්මක බවත් එයින් පසුපෙළක් හඳුනාගන්නා බවත් ජාතික සංගම් සමඟ ඒකාබද්ධව ජාතික මට්ටමට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳාගෙන ඔවුන් ඉදිරියට ගෙන යන බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව ගම දක්වාම මෙම වැඩසටහන් ගෙන යාමට සිදු කරන බවද කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට එම වැඩ සටහන් ක්‍රියාත්මක වන බවත් පෙබරවාරි 28 පමණ වන විට ගම්මට්ට මේ සිටින අය හඳුනා ගැනීමට හැකි බවද කීය. වයස 12ත් 16ත් අතරදරුවන් හට වැඩි අවස්ථාවක් ලබාදීම මෙන්ම ජාතික මට්ටමට නොපැමිණි ගම්වල සිටින වැඩිවයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද අවස්ථාවක් ලබා දෙන බවත් එම තොරා ගන්නා දරුවන් ප්‍රාදේශිය තරඟාවලියකට යොමු කර ඉන් ජයග්‍රහන ලබා ගත් පිරිස පළාත් මට්ටම සඳහාද ඉන් ජයගන්නා පිරිස ජාකින මට්ටමටද යොමු කරන බවද අධ්‍යක්ෂතුමන් පැවසු අතර මේ ක්‍රීඩාවට මැදිහත්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන බවත් මේ වන විටත් ක්‍රීඩා කරන දරුවන් හට ශිෂ්‍යත්ව 20ක් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා අයදුම්පත් මේ දීන වල කැදවනවා අතර 2021 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ සාමාන්‍ය සාමාර්ථ (එස්) 03ක් ලබා ගත් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගත්දරුවන්ට මේ සඳහා මේ සඳහා අයදුම් කළ හැකි බවත් මෙවැනි ප්‍රතිලාභ ලබා දීම තුලින් අධ්‍යාපනය හේතුවෙන් ක්‍රීඩාව අත්හරින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවතුළ රඳවාගෙන අප රටට ජාත්‍යන්තර ජයග්‍රහණ ඇති කිරිම දක්වාම ඔවුන් ගෙන යා හැකියි. මෙම සංවාදයට එක්වූ පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අධයක්ෂ සැළසුම් ඉනෝකා ප්‍රියදර්ශනි මහත්මිය පෙන්වා දුන්නේ, ක්‍රීඩාව සංවර්ධන වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරන අතරම මේ රටේ හදුනාගත් ක්‍රීඩාවල යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා කැබිනට් අමාත්‍යංශයට අමතරව ශ්‍රි ලකාවේ ප්‍රථම වතාවට ග්‍රාමීය හා ක්‍රීඩා හා යටිතල පහසුකම් ප්‍රවර්ධනට අමාත්‍යංශයක් ඇති කළ බවත් එයින් රට පුරා ඇති ක්‍රීඩා යටිතල පහසුකම් පැසැල් සහ ග්‍රාමීය මට්ටමෙන් ප්‍රවර්ධන කිරීම සිදු කරන බවත් විශේෂයෙන් අතිදුෂ්කර ප්‍රෙද්ශවල දක්ෂ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු අඩු පහසුකම් ඇතිව ජයග්‍රහන ලබා ගෙන ඇති බවත් අනාගතයේ බිහිවෙන අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රධාන යටිතල පහසුකම් ලබා දීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද කිවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page