top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස මිලින්ද රාජපක්ෂ පත් කෙරේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 1 min read

ree

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස මිලින්ද රාජපක්ෂ මහතා පත් කෙරේ.

නව පත් කිරීමට අදාළ පත් වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මිලින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙන ලදී. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා,ඇතුළු නිලධාරිහු පිරිසක් එක් වූහ. මිලින්ද රාජපක්ෂ මහතා, වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියත්,ඇමෙරිකා එක්සත් ජනපදයේ Miami විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන මාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු ලෙසත්, ජාත්‍යන්තර මාපියභාවය පිළිබඳ සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ තරුණ අංශයේ ප්‍රධානී ලෙස සේවය කොට තිබේ. වසර 2011 සිට ජාතික තරුණ සේවා අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙසත්, ලෝක තරුණ සමුළුවේ, ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති මිලින්ද රාජපක්ෂ මහතා, සන්නිවේදන උපක්‍රම පිළිබඳව දේශීය හා විදේශීය සමාගම් රැසක උපදේශක ලෙස කටයුතු කරයි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page