top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

පළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීම ට අවශ්‍ය උපදෙස් නිළධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අලුත්වෙන, ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය - විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, දුම්රිය නැවත ධාවනයේ යෙදවීමේ දී ප්‍රවාහන අංශය සහ ධාවන බල අංශයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා සේම එම කාලයට ලැබෙන උපදෙස් වලට අනුව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය. දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රජයෙන් ලබා දෙන මුදලට හැකි තාක් උපරිම සේවයක් ජනතාවට ලබා දෙන බව කියා සිටි ඒ මහතා, දෙපාර්තමේන්තුවක් ලෙස රජයෙන් බලපොරොත්තු වන අරමුණ ඉටුකිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීම වන බවත් කියා සිටියේය. ඒ අනුව, දුම්රිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද හඳුන්වා දුන් ඒ මහතා කඩිනමින් විදුලි දුම්රිය හඳුන්වාදීමට පියවර ගන්නා බව පැවසු අතර මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, ඉදිරි වසර කිහිපය තුළ මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, සංචාරක ක්ෂේත්‍රය උදෙසා සේවය සැපයීමට නවීන වායුසමීකරණය පහසුකම් වලින් යුත් දුම්රියක් යෙදවීමටත්, කොළඹ සිට අබේපුස්ස දක්වා ගල් අඟුරු දුම්රියක් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ගමන්වාර සඳහා යෙදවීමටත් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම, මේ වන විට දුම්රිය මැදිරි 160 ක් පමණ ඉන්දියාවෙන් ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විට ඉන් දුම්රිය මැදිරි 50 ක් පමණ ලැබී ඇති අතර ඉතිරි මැදිරි සියල්ල ලබන වසර මුල දී ලැබීමට නියමිතව තිබේ. තවද, දුර ගමන් සේවා සඳහා යෙදවීමට 500 කින් සමන්විත දුම්රියක් මේ වන විට ආනයනය කිරීමට කටයුතු කර තිබෙන අතරම මෙරට ආර්ථිකයට පිටුවහලක් වීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය උදෙසා දුම්රිය අනිවාර්යෙන් එකතු කර ගත යුතු වන බවත් මේ දිනවල ඒ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය. නගර තුළට මඟී ප්‍රවාහන සේවාසැපයීම අරමුණු කර ගනිමින් කඩිනමින් අගනුවරට දුම්රිය මාර්ග දීර්ඝ කිරීම මඟින් බත්තරමුල්ල ප්‍රදේශයේ තිබෙන රජයේ ආයතන වල සේවය කරන්නන් හට ප්‍රවාහන පහසුකම් ලබා දීමටත්, පානදුර වේයන්ගොඩ සහ කළුතර පොල්ගහවෙල අතර දුම්රිය මඟින් 70% කට වැඩි පිරිසක් ප්‍රවාහනය කෙරෙන අතර එම පිරිස ඉලක්ක කරගනිමින් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ඇරඹීමටත්, එමඟින් දැනට ප්‍රවාහනය කරන මඟී ප්‍රමාණය දෙගුණයක් කිරීම අපේක්ෂාව වී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය. එමෙන්ම, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට මහව දක්වාත්, දකුණු පයාගල සිට අලුත්ගම දක්වාත් ද්විත්ව මාර්ග හඳුන්වා දීමට කටයුතු කිරීමත්, කැළණිවැලි මාර්ගය මුලික පියවර හෝමාගම දක්වා ද්විත්ව මාර්ග කිරීමටත් අවශ්‍ය මුලික කටයුතු පිළිබඳව කෙරෙමින් පවතීන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page