රැට්ටා ඇප මත මුදාහරී
- helloplanetaviss
- Aug 3, 2022
- 1 min read

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැරිණි.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමටයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය මැයි 21 වැනිදා කොටුව බැංකු මාවත ප්‍රදේශයේදී පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝණය කළ බව පවසමිනි.
සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුලු නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.
Comments