top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රාජකීය අවමඟුලදා ලෝක නායකයින්ගේ පෞද්ගලික ගුවන් යානාවලට ලන්ඩනයේ දොර වැසේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 12, 2022
  • 1 min read

ree

බ්‍රිතාන්‍යයේ 2 වන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ එඩින්බර්ග් අගනුවර හෝලි රූඩ් හවුස් මාලිගයේ තැන්පත් කර තිබෙනවා.

මහජන ගෞරවය සදහා රාජකීය දේහය අද සාන්ත ගිල්ස් දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. සිය මව වෙනුවෙන් රාජකීය දේහය ආසන්නයේ ඈන් කුමරිය රැදී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. 2 වන එලිසබෙත් රැජිනගේ දේහය පස්වරුව දක්වා ස්කොට්ලන්තයේ තැන්පත් කර තබනු ඇති.

මේ අතර බ්‍රිතාන්‍යයේ 2 වන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ලෝක නායකයින් රැසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා. රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිද වන ජිල් බයිඩන් සහභාගී වන බව මේ වන විටත් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ලෝක නායකයින් රැසක් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහභාගීත්වය තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි. යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර ඉකුත් දිනවල මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබීම ඊට හේතුව බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර රාජකීය අවමංගල්‍ය පැවැත්වෙන ලබන 19 වනදා ලන්ඩන් අගනුවර ප්‍රධානව එංගලන්තයේ ආරක්ෂාව තර කර තිබෙනවා. රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත රාජ්‍ය නායකයින් වෙනුවෙන් ද බ්‍රිතාන්‍යය රජය උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ලන්ඩනයට පැමිණීම සදහා වාණිජ ගුවන්යානා මිස පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකරන ලෙසයි.

එමෙන්ම මහා බ්‍රිතාන්‍යය තුළ සංචාරය කිරීමේදි හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට ද රාජ්‍ය නායකයින්ට අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ ඉඩකඩ සීමිත බැවින් එක් එක් රටවල් නියෝජනය කරමින් අදාළ රටේ රාජ්‍ය නායකයාට පමණක් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page