top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රාජ්‍ය සේවකයන් සේවයට කැදවීමට අද සිට සීමා

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 20, 2022
  • 1 min read

ree

පවතින ඉන්ධන හිගය හමුවේ අද සිට රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැදවීම සීමා කෙරෙනවා. ඒ අනුව සති දෙකක කාලයක් අවම පිරිස කැදවමින් රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ.


අවම සේවකයින් කැඳවීමේදී ද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වනවා. සේවයට නොකැඳවූ දිනයකදී සෑම රජයේ නිලධාරියෙකුම මාර්ග ගත ක්‍රමය ඔස්සේ රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.


කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට මෙය අදාළ නොවන බවත් සාමාන්‍ය පරිදි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යායුතු බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ.


මේ අතර ඉන්ධන ගැටළුව හේතුවෙන් මෙම සතියේ ඇතැම් පාසල් පැවැත්වෙන්නේ නැහැ. ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ හා ආසන්න නගර ආශ්‍රිතව මෙන්ම සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් නිවාඩු මෙම සතියේ නොපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.


කෙසේවෙතත් ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවා.


වසා තැබෙන පාසල්වල සිසුන් සදහා මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්ද කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.


ඒ අනුව අද සිට උදෑසන 7ත් දහවල් 12 දක්වාත් අතර කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. දහවල් 12 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30 ක දෛනික විදුලි කප්පාදුවක් සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page